IMG-LOGO

මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි  හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

අදාල  ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් ද ඇතුළත් කර ගාන හදා අදාල ප්‍රවෘත්ති පළ කර තිබෙන බව කීමෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

සතියක් තිස්සේ මාධ්‍ය  ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා.

මහින්ද රාජපක්ෂ මහතාගෙත් මගෙත් ඡායාරූප දමා ජනපති කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන එක්දහස් හාරසිය අසූවක් වියදම් වූ බව පවසා තිබෙනවා.මෙය සත්‍යයක්. මහින්ද රාජපක්ෂ මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති වැය ශීර්ෂයෙන් 43%ක්ද මෛත්‍රීපාල සිරිසේන 57% ද යොදවා තිබූ බව අනාවරණය වූ බව එම වාර්තා වල දක්වා තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලීම් කර තොරතුරු ලබාගත් බවද ඒ ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා.

මම ජනාධිපති ලෙස කටයුතු කරද්දී  ජාතික මට්ටමේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා.ඒ ව්‍යාපෘති රටේ ජනප්‍රිය වුණා.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන,ජාතික පරිසර වැඩසටහන,ජාතික වකුගඩු රෝග මර්දන මර්දන ව්‍යාපාරය,ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන,අපචාර වලට ලක්වන දරුවන් බේරා ගැනීම සඳහා ළමයින් රකිමු වැඩසටහන,කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහන,ග්‍රාම ශක්ති වැඩසටහන ආදියට අප වැඩිපුර නිලධාරීන් යෙදෙව්වා.

රජයේ වෙනත් ආයතන වලින් නිලධාරීන් ලබා ගෙන ජාතික වැඩසටහන් වලට බඳවා ගත්තා.වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ද මේ වැඩසටහනට ලබා ගත්තා.

මේ ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් සමඟ තමයි මේ ගාන හදලා පෙන්වන්නේ.මට මේකට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ.මේ වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන්න.



අදහස් (2)

මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

podiekaa Monday, 05 December 2022 03:53 PM

ඔයාලා ඔක්කොම එකයි. ඔයාට පොහොට්ටුවන්ගෙන් ‘‘ජනාධිපති මන්දිරයක්..‘‘ ලැබුණා නේද? ආප්පකාලා ජනාධිපති වුණා... ජනාධිපතිවෙලා ජනාධිපති මන්දිරය තෑගි ලබාගත්තා...! තව මුකුත් අහගන්න කැමැතිද?

:       0       2

අපිත් කපටියො Tuesday, 06 December 2022 12:21 AM

මෙි දේශපාලන කපටි තුමා මාර්ක් ටයිමි කර කර ඉන්නෙ පුත් කුලකුමාරයයි දුහිතෘ කුල කාන්තාවයි දියවන්නාවට මීළග මහ චන්දෙන් එගොඩ කරන කල්. පුත් කුලයා නං ගොඩ යැවෙයි. කුල කාන්තාවත් එගොඩම තමයි ඉතිං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site