3
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
ඔහුට කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලීමට සිහිපත්ව ඇත්තේ වසර 4කට පසු කරමුලටම හිරවූ අවස්ථාවේ බවත්, සමාව ඉල්ලීමට අවශ්‍ය නම් මෙය සිදුවූ මොහොතේ ජනාධිපතිධූරයෙන් ඉවත් වී කළ යුතුව තිබූ බවත් පියතුමෝ කීහ.
තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය සිදුවන්නට සැලැස්වීම විශාල වරදක් බවත්, යුද්ධය කාලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලට එය සමාන කළ නොහැකි බවත් පියතුමෝ සඳහන් කළහ.
තොරතුරු ලැබුණු නිලධාරීන් තමාව දැනුවත් කර නොමැති බවත්, තමා පත්කළ නිලධාරීන් වගකීම් පැහැරහැරීම නිසා තමන්ට වන්දි ගෙවන්නට සිදුවූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ නඩු තීන්දුව හරි ආකාරයෙන් කියවා නොමැතිව විය යුතු බව ද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ කීහ.
සහරාන් සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වෙද්දීත් ජනාධිපතිවරයා ඒ ගැන නොසලකා කටයුතු කිරීමත්, පහළ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබීමත් නිසා මෙන්ම ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වගකීම් පැහැර හැරීම, විදෙස්ගත වන විට වැඩබලන ඇමතිවරයෙක් පත්කර නොයාම ආදී වැරදි ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇතැයි ද පියතුමෝ සඳහන් කළේය.
කතෝලික සභාව එම නඩු තීන්දුව හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලීමට එතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයකු නොවන බවත් පියතුමෝ පැවසූහ.
සියලුම ජනතාවගේ ආරක්‍ෂාව තැකීමට ලක්නොකිරීම නිසා එතුමා රටේම ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු යැයි ද පියතුමෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති ධූරයේ ඇති බලතල හා වරප්‍රසාද නිසා ඔළුව උදුම්මා ගෙන ඒකාධිපති වියරුවෙන් ඔහු කටයුතු කළා.ඒ වගේම,රටේ සියළු ආරක්ෂක බලතල තමන් සතුවම තියා ගත්තා. අගමැතිවරයාව හෝ ආරක්ෂක මණ්ඩලයට කැඳවා ගත්තේ නැහැ.දැන් සමාව ඉල්ලීමෙන් තමන්ගේ නොසැලකිල්ල නිසා නැතිවු වටිනා මිනිස් ජීවිත වලට හා ඔවුන්ගේ පවුල්වල අයට සෙතක් වේද ?
මෛත්‍රී මොන කෙන්ගේඩියකටද සමාව ගන්නේ? සෑමදෙයක්ම් සිද්ද වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා ඒගොල්ලන්ට අමතකයි.
පාදිලි තුමෝ එහෙනම් පල්ලි වලතිබෙන පාපොච්චාරණය ඉවත් කරමුනේද? ප්‍රහාරය කරපු එවුන් සමාව ඉල්ලුවේ නැහැ නේද?
දෙවියන් වහන්සේ වරදකරුවන්ට සමාව දුන්නට කතෝලික සභාව දෙන්නේ නැහැ වගේ ?
ඔය පාපතරයට දෙවියන්ගෙන් නම් කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ. බඩ ගොස්තරය වෙනුවෙන් දේශපාලකයින්ගේ දෙපතුල් ලෙවකන තක්කඩි පුජකයින්ට කතෝලික පුජකයෝ ආදර්ශයක්. මළමිනී මතින් V8 පදින්න තරම් උමතුවක් මේ පුජක තුමාලට නොමැති බව පේනවා. සමාවට කලින්, ඔය පාස්කු ප්‍රහාරයේ මහමොල කාරයින්ට අපි දාන ශාප වදිනවා සිකුරුයි!!
පාදිලි උන්නැහේ දෙවියන්ට නේද ඉස්සෙල්ලම මේ ප්‍රහාරය නවත්තන්න පුළුවන් කම තිබුනේ? ඇයි දෙවියෝ මේ ප්‍රහාරය නැවතුවේ නැත්තේ. දෙවියන්ට බැරි උනාද දෙවියන්ට ඕනේකමක් තිබුනේ නැත්ද මේක නවත්තන්න? මෛත්‍රී මොන කෙන්ගෙඩියක් කොරන්නද? මෛත්‍රීට පුලුවන්ද දෙවියනේගේ කැමැත්තට ඉහලින් යන්න.
පාදිලි උන්නැහේ සමාව දෙන්නේ ඔහෙලා නොවෙයි ඔය කියන දෙවියන් වහන්සේ. සිද්ද උනේ දෙවියන්ගේ කැමැත්තට නම් අමුතුවෙන් සමාවක් ඕනේ නැහැ නේද?
අනෙ බමුනු. . නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහ ගනන් එපා.. එ මිනිහ කිව්වෙ " ඩෙවියන් වහන්සේ වෙනුවෙන් එ මිනිහා සමාව ඉල්ලනවා" කියලනෙ, , එ කියන්නෙ බොම්බ පුපුරවලා තියෙන්නෙ දෙවියන් වහන්සෙ. . කෙටියෙන් කිව්වොත් පල්ලියෙ හිටපු අයම තමයි බොම්බෙ ගහගෙන තියෙන්නෙ.. එහෙමද? කට පත්ත අදිනකොට අර පස්ස පැත්තෙ තියෙන කුඩා මොලෙත් ටිකක් පාවිච්චි කරල ඇත්ත සාධාරන දෙයක් කිව්ව නම් තමයි හොද. . .
අඩු ගානෙ කතෝලික සභාවෙ පාදිලි උන්නැහෙලා නෑ කියලා වත් මෙ පාදඩ බමුනට කියල දෙන්න බැරි කතුවරයගෙ වගකීම මොකද?
ඔව් ඔව් ක්‍රිස්තියානි කාරයෝම තමයි බෝම්බේ ගහ ගෙන තිබෙන්නේ. බෝම්බේ ගහන දිනය, වෙලාව, ගහන පල්ලි දැනගත්ත ක්‍රිස්තියානි කාරයෝ ඒ බව පල්ලියට නොකිව්වානම් උන්ම තමයි බෝම්බෙ ගහගෙන තිබෙන්නේ . ඔබ වැනි පාදඩයෙකුට උත්තර දෙන්න මගේ කුඩා මොලය හොඳටම ප්‍රමාණවත්. "පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සමාව අයැදීම" කොහේද පාදඩයෝ මෙතැන සිරිසේන දෙවියන් වෙනුවෙන් සමාව ඉල්ලනවා කියලා පාදිලි උන්නැහේ කියන්නේ? පාදිලි උන්නැහේ තැන් තැන්වල දේවල් අපිට දාලා නැහැ.