(තිලකරත්න දිසානායක)

ගම්පහ , අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ බමුණු ආරච්චිගේ කළිදු දුල්කින් අනුරාධ නවරත්න නමැති 33 හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය පවසයි. 

මියගිය තැනැත්තා සහ ඝාතනය සිදු කළ පුද්ගලයා මිතුරන් වන බවත් දෙදෙනා අතර ඇතිවූ  බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මරණය සිදුව ඇති බව පවසන පොලීසිය , තියුණු ආයුධයකින් පහර දුන් බව කියන පුද්ගලයා විසින්ම තුවාලකරු රෝහල් ගත කොට ඇති බවත් පොලීසිය කියයි. 

මේ සම්බන්ධයෙන් ගම්පහ , පොකුණ පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සදහන් කරයි.