(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා මාස 10 ක කාලයක් ශ්‍රී ලංකා රජය චීනයේ කැතික් සමාගමට මුදල් නොගෙවීම හේතුවෙන් එම මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ ඉදි කිරිමේ කටයුතුවලින් අද (02) දින සිට ඉවත් වීමට තීරණය කළ බව කැතික් සමාගම පවසයි.
පසුගිය මාස දහය තුළ පමණක් ඩොලර් මිලියන 80 ක මුදලක් ශ්‍රී ලංකා රජය ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට ගෙවා නොමැති බව දැන ගන්නට ඇත.
මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ සියලු ඉදිකිරීම් වැඩ නතර වී ඇත. වැඩ කිරීමට පැමිණි 1500 කට අධික සේවකයින් ද ආපසු හැරී ගොස් තිබේ.
ඊට අමතරව බර වාහන ඇතුළු යන්ත්‍රෝපකරණ ද සියල්ල පාර දෙපස නතර කර ඇති අතර මාතර බෙලිඅත්ත කොටසේ දුර කිලෝ මීටර් 30 කින් යුතු කොටස කාපට් කිරීමේ කටයුතු පසුගිය දිනවලදී සිදුවිය.
ඉකුත් 2015 වසරේ දී මෙම මාර්ගයේ වැඩ ආරම්භ කළ අතර එහි කොන්ත්‍රාත් කාලය ලබන නොවැම්බර් මස 29 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.
නියමිත කාලය තුළදී අධිවේගී මාර්ගය සාදා දිය යුතු නිසා මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම ඉදි කිරීම් කටයුතු කළ අතර එම නිසා ඉදි කිරීම් කටයුතු 90% ක ප්‍රමාණයක් අවසන් කර තිබෙන බව ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම සඳහන් කරයි.
එම සමාගමට අමතරව චීනයේ උප කොන්ත්‍රාත් සමාගම් පහක් හා මෙරට කොන්ත්‍රාත් සමාගමක් ද මෙම ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කරයි. ඔවුන් සියලු දෙනාම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පළ කර ඇත.
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය පිළිබඳව කැතික් සමාගම හා රජයේ බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබුණි.
ඒ අනුව ලබන 09 වැනිදා පාර්ලිමේන්තුව රැස් වී ඇති වී තිබෙන තත්වය ගැන සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන තෙක් දින කිහිපයක් තාවකාලිකව ඉදි කිරීම් වැඩ කිරීමට කැතික් සමාගම එකඟ වී තිබේ.
කෙසේ වෙතත් ඇති වී තිබෙන තත්වය ගැන කැතික් සමාගම චීන රජයද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයක් ගෙනල්ලා මිනිස්සු කරගත්ත මෝඩකමක මහත. ආයිමත් පාලන බලය ගන්න කතාව.
හුරේ!
රටට කෙල වෙන කොට හුරේ දාන අයත් මේරටේ ඉන්නවා. මේ අය තමා බෝම්බ පිපිරෙනකොට රතිඥ පත්තු කරනේ. සතයක් බදු ගෙවන්නේ නැහැ. පිරට ණයට කෑගහනවා. හැබැයි රට දියුණු කරන්න ඕනේ.
මින් ඉදිරියට ඔය අධිවේගී මාර්ග හදනකොට එකවර කිලෝමීටර් 100 විතර හදන්න යන්නේ නැතුව , කිලෝමීටර් 20-30 හදල විවෘත කරලා අනිත් ටික හදන්න පටන් ගන්න , එතකොට විවෘත කරපු ටිකේ වාහන ධාවනයෙන් ලැබෙන මුදලින් නව ඉදිකිරීමට යොදවන්න පුළුවන් , දැනට මාතර කතරගම මාර්ගයේ වාහන තදබදය තිබෙන්නේ මාතර සිට තංගල්ලට පමණි , ඉස්සෙල්ල මාතර සිට බෙලිඅත්තට හදල මුදල් තිබෙන විදිහට ඉතුරු ටික කොටස් වශයෙන් හැදුවනම් මෙහෙම වෙන්නේ නැහැ , මහින්ද මහත්මයාගේ කාලෙත් ඉස්සෙල්ල කොට්ටාවේ ඉඳන් ගාල්ලට විවෘත කරලා , ඊට පස්සේ ගාල්ලේ ඉඳන් මතරටත් , ඊට පස්සේ කොට්ටාවේ ඉඳන් කඩුවෙලට වශයෙන් හැදුවේ .
අගමැති කියන්නේ සංවර්ධනේ වේගවත් කරනවා කියලා. තියෙන සංවර්ධනේවත් කරගන්න බැරුව. තවත් බොරු කියා කියා ජනතාව රවට්ටන එක තම මේ ආණ්ඩුවේ වැඩේ..
ඉදිරි මාසවලදී සංවර්ධනය වැඩි කරන බව අගමැති කියයි.
ලොවට හිතා ගන්නවත් නොහැකි සියලුම කර්මාන්ත අතින් විශ්මිත නිර්මාණ විෂයෙහි දස්කම් දක්වපු ජාතියකට එවෙලෙට ලස්සන සුමානෙකින් පසුව කැඩෙන සරුවපිත්තල බඩු හදන රටකට බාල්දු වෙන්න වුනා ... ශ්‍රී ලාංකික දස්කම් සැඟව ගියේ කෙලෙසද ?
මෙදා පාර මේ ණය ගෙවන්න අගමැති රනිල් රටේ මොන සම්පත්ව චීනට ලියල දෙවි?
මොවුනට අධිවේගයේ මාතර සිට බෙලිඅත්ත කොටස කරගන්න බැහැ මහින්ද යුද්ද කරන ගමන් කොට්ටාවේ සිට ගාල්ලට අදිවේග මාර්ගය එකහුස්මට කෙරුවා.
මහාමාර්ග අමාත්‍යංශයේ වැඩකිඩ ගැන විගණකාධිපති විස්තර ඇතුව කියලා තිබුන. ඒ ගහපු ගැහිල්ලෙන් කොටසක්වත් දීල කොන්ත්‍රාත් සමාගම රඳවා ගත්තොත් තව ටිකක් හම්බ කරගන්න පුළුවන් නොවැ. බැරුවම ගියොත් චීනේ කට්ටියට කියන්න අර වරායේ සින්නක්කර ඔප්පුව දීර්ඝ කාලීන බද්දක් බවට හරවපු එක අවලංගු කරල ආයෙමත් සින්නක්කරේට ලියලා දෙන්නම් කියලා.
ඊයේ ලෝක බැංකු වර්තාවක ලාංකිකයෙකුගේ දල ජාතික මාසික අදායම රුපියල් 60,000 ක් බවත්, දැන් රටක් ලෙස මද්‍ය පරිමාන ඉහල අදායම් රටක් බවට පත් වී ඇතිබවත් පලවුවා. අද අප කියවන්නේ, රජය යටිතල දියුණුවට කටයුතු කරනා විදේශ සමාගමකට ඩොලර් මිලියන 80 ක් පොලු තියල කියලයී. සුන්දරව තුබූ අපේ රටට කරාපු අපරාදයක්.
ඒ සල්ලි කියුබාවට දෙන්න ඇති
මෙන්න බමුණට ආතල් එකක් ඇවිල්ලා.
පත්තරෙන් දැකල කමිටුවක් පත්කරයි
ඇයි මේ මාතර ඉඳන් හම්බන්තොටට අධිවේගී මාර්ගයක් හදන්නේ? ඒ පැත්තේ තියෙන වාහන සංඛ්‍යාවත් එක්ක තිබෙන මාර්ගවල මහා තදබදයක් නෑ. ඇයි ඕකට දෙන ප්‍රමුඛත්වය කොළඹ නුවර එහෙම නැත්නම් පෑලියගොඩ රාජගිරිය ගුවන් මාර්ගයට දෙන්න බැරි? එහෙම නැත්නම් ගුවන් පාලම් ව්‍යපෘති යටතේ දෙල්කඳට, ගොඩගමට, කිරුළපනට,කොහුවලට හෝ බොරලැස්ගමුවට ඔය සල්ලි යෙදෙව්වා නම් මිනිස්සු දහස් ගාණකට නොවේ ලක්ෂ ගාණකට ප්රතිලාභ එන්න තිබ්බා.
පත්තරෙන් දකියි ද ?
මේ අයට වරදිනකොට සතුටු නැද්ද අප්පා.
එතකොට පාර්ලිමේන්තුවෙන් සල්ලි අනුමත කරන්නේ මොනවටද?
අවරුදු 5 ට කිලෝමීටර් 30 ක පාර කරගන්න බැරුව දඟලන දැඟලිල්ල. එකට මහින්ද මහතා කිලෝමීටර 100 අධිවේග පාර එක හුස්මට කළා.
හිප් හිප් හුරේ. බැංකු මංකොල්ලකාරයින්ට පුළුවනිද පාරවල් හදන්න..? බෙලිඅත්තට යනවා කියලා කොස්වත්තට යාවි... මොවුන්ට පුලුවන්ද රටක් කරන්න?
අවරුදු 5 ට කිලෝමීටර් 30 අධිවේගේ හදලා විවෘත කරගන්න බැරිනම් වැඩක් නැහැ.
අධි වේගේ ඉදිකිරීම් සිදු වුනේ හරිම මන්ධගාමී විදියට , හම්බන්තොටට කෙසේවෙතත් දැන් තියන තත්වය අනුව ඕක බෙලිඅත්තට විවෘත කරන්නත් තව අවරුදු 1 1/2 විතර යාවි
මුදල් ප්‍රතිපාදන නොමැති නම් දැනට ඉදිකෙරෙමින් පවතින ඒවගේ වැඩ නිම නොකර අලුත් ඒවා හදන්න පටන්ගන්න එපා. අලුතෙන් පටන් අරන් බොරුවට වගාබිම සහ වනාන්තර ඩෝසර් කර අවුරුදු කිහිපයක් නිකන් තිබෙන්නට හැරීම රටේ ආර්ථිකයට සහ පරිසරයට කරන විශාල අපරාධයක්...