
(ක්‍රිෂාන් ජීවක ජයරුක්, යසන්ත ආරියසේන සහ හේමපාල ලියනගේ)
මාතර දිස්ත්‍රික්කයට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් අද (07) වන විට පවුල් 5755 කට අයත් පුද්ගලයින් 22012 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කලේ ඊට අමතරව ගංවතුර හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගත නොහැකිව පවුල් 11692 කට අයත් පුද්ගලයින් 41726 දෙනෙකු කොටු වී සිටින බවයි.
කොටු වී සිටින ජනතාව වෙනුවෙන් ආහාර පාන සපයා ගැනීමට බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක කර තිබෙන බවද ඔහු කීය.
ඊට අමතරව ආපදාවට ලක් වු අයට පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.
මේ වන විට නිවෙස් ජලයෙන් යට වීම හා ආපදාවට ලක් වීම හේතුවෙන් පවුල් 414 ක පුද්ගලයින් 1376 දෙනෙකු තාවකාලික සුරක්ෂිතතා මධ්‍යස්ථාන වලට ද යොමු කර ඇත.
පවතින අයහපත් කාලගුණික තත්වය මත තව දුරටත් අධික වර්ෂාව ලැබුනහොත් නිල්වලා ගගේ වේලී වලින් ජලය පිටාර ගොස් මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ.
මේ නිසා පහත් බිම් වල ජනතාවට අවසානයේ හා විමසිල්ලෙන් සිට තම ජීවිත හා දේපොල ආරක්ෂා කර ගන්නා ලෙසට ද දැනුවත් කර ඇත.
මාතර,තිහගොඩ,කඹුරුපිටිය,අකුරැස්ස,මාලිම්බඩ,අතුරලිය ,දෙවිනුවර,දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාව වැඩි වශයෙන් මෙම ව්‍යසනයට මුහුණ පා තිබේ.
මීට අමතරව දිස්ත්‍රීක්කයේ මාර්ග රැසක ගමනාගද ඇණහිට ඇත.
ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්






හේමපාල ලියනගේ

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ