(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රුපියල් කෝටි 14 මුදලක් වැය කොට මාතර රෝහල සඳහා ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ රේගුවේ රඳවා ගෙන සිටින බව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අසරණ රෝගීන් වෙනුවෙන් මාතර රෝහලට මෙම යන්ත්‍රයේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.මුළු රටේම තිබෙන්නේ සී.ටී ස්කෑන් යන්ත්‍ර 44 ක් පමණක් බව කී නෙල්සන් මහතා එයින් ද යන්ත්‍ර හයක් අක්‍රීය වී ඇතැයි ද සීටී ස්කෑන් යන්ත්‍ර වල අවශ්‍යතාවය ග්‍රාමීය මට්ටමින් රෝගීන්ට විශාල වශයෙන් දැනෙන්න පටන් ගෙන තිබෙන හෙයින් කඩිනමින් මෙම යන්ත්‍රය නිදහස් කරගෙන මාතර රෝහලට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීවෙි මෙම සීටී ස්කෑන් යන්ත්‍රය සම්බන්ධයෙන් අසාධාරණ රඳවා ගැනීමේ බද්දක් පනවා තිබුණ අතර එම බද්ධ නිදහස් කර දෙන ලෙස වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි.
අදාල බද්ද ඉවත් කර ගැනීමෙන් අනතුරුව සීටී ස්කෑන් යන්ත්‍රය නිදහස් කර ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවෙ ඉන්නෙ කිසිදාක අසනීපයක් නොහැදෙන පිරිසක් වෙන්න ඇති නැත්නම් රෝගීන් වෙනුවෙන් ගෙන්වූ යන්ත්‍රයක් එහෙම රදවා ගනීද ඔය තීරණය නිර්දේශ කල හා අනුමත කල අයට රෝග ඇතිවෙනවා නම් විදේශ රෝහල් වලට යනවා ඇති බුද්ධ දේශනාවේ සදහාන් සත්‍ය හතරෙන් එකක් තමයි රෝගීවිම .ඒක නොදන්නා අයට රජෙක් වුනත් ලෙඩක් වුනොත් මොකද වෙන්නෙ කියලා අහන්න හිතෙනවා