IMG-LOGO

මුත්‍රා පිරවූ බෝතලයකින් ලංගම රියැදුරාට ගහලා

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මුත්‍රා පුරවා පහර දීම හේතුවෙන් රියැදුරා සහ එම බස් රථයේ යාබද අසුන්වල සිටි මගීන් කිහිප දෙනකු මුත්‍රවලින් නැහැවී ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය පවසයි.

ලංගම බස් රථයේ රියැදුරා ඒ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ නතර කර තිබියදී කොළඹ සිට මිනුවන්ගොඩට ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියැදුරකු මෙම මුත්‍ර ප්‍රහාරය එල්ල කර ඇති බව ලංගම බස් රථ රියැදුරා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පෞද්ගලික බස් රථයේ රියැදුරා බෝතලයකට මුත්‍රා කර එය රැගෙන පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මුත්‍ර ප්‍රහාරය එල්ල කළ රියැදුරා පැදවූ පෞද්ගලික මගී බස් රථයේ අංකය ද ලංගම රියැදුරා විසින් පොලිසියට බාර දෙනු ලැබ ඇත.

මගීන් පටවා ගැනීමේදී රියැදුරන් දෙදෙනා අතර ඇති වූ බව කියන ආරවුලක් මත පුද්ගලික බස් රථ රියැදුරා මෙම මුත්‍ර ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය.



අදහස් (3)

මුත්‍රා පිරවූ බෝතලයකින් ලංගම රියැදුරාට ගහලා

බස්තියන් Tuesday, 06 June 2023 05:08 AM

පුද්ගලික බස් රියදුරෝ කරන්නෙ ඔහොම දේවල් තමයි ඕවට ඔහුටත් දෙවරක් වත් එහෙම කරන්න ඕන එහෙම නැත්නම් සතියකට එම බසයට (රියදුරුට නොවෙයි ) මාර්ග බලපත්‍රය අවලංගු කරන්න ඕන එහෙම නැතුව ඔය යක්කු හදන්න බැහැ

:       1       4

බද්‍ර යව්වනිය Tuesday, 06 June 2023 08:44 AM

ඊයා. චූ ගහලා නේද මේ ?

:       0       7

හසීම් කරුණාරත්න Tuesday, 06 June 2023 01:43 PM

ලොකූ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මුත්‍රා කරපු කෙනාට දියවැඩියාව තිබුනත් මුත්‍ර මාර්ගයෙන් දියවැඩියාව බෝවෙන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 330 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site