(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද (05) පියවර ගත්තේය.
විශේෂයෙන්ම කොරෝනා ආසාදිත මන්ත්‍රීවරයා එම ප්‍රාදේශීය සභාවේ විශේෂ සභා රැස්වීමකට සහභාගී වීම ඊට හේතු වී තිබේ.
මීටරයේ දුර පුටු තබා කැකණදුර නව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ එම රැස්වීම පවත්වා තිබුනද මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමග ඔහු සමීපවී කතා බහ කර තිබෙන බව කියති.
මාතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණ්ඩායම 31 ක් වන අතර සිව් දෙනකු හැර ඉතිරි සියලු දෙනා විශේෂ සභා රැස්වීමට සහභාගි වී තිබේ.
එම රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද පවත්වා ඇති බව දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොහොමද? මේ උත්තමයින්ට කොරෝනා හැදෙන්නේ නැහැ කියනවා නේද?