
(මුදිතා දයානන්ද)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.
නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ මුහුණු අලුතින් එන්න හදන්නේ...!
කලකදී වහලු කලකදී රහ වෙනවාලු...
වරෙල්ලා වරෙල්ලා, අපි බලාගෙන ඉන්නේ එනකම්... අවුරුදු 75 ක් රටකාලා කාලා තවත් කන්නද? නැහැ අපි මේ සැරේ කවන්නම් මදි නොකියන්නම...!
ඔය පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙක් අලුතෙන් පත්වෙන රජයකට සුදුසු වෙන්නේ නෑ. ලංකාවේ නැද්ද හොඳ බුද්ධිමත් මිනිස්සු...? එකම කොටසක්ද මෙරට පාලනය කළ යුත්තේ...?
පුතාගේ එංගලන්තයේ බංගලාවේ රෙපෙයාර් එකක්වත් කරන්න ඕනෑ වෙලාද?
ඒ ගොල්ලන්ට ලැජ්ජත් නෑ. අපට ලැජ්ජත් නෑ. මාර වැඩක් ලංකාවට වුනේ...!
ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් එහා...!!! කරුණාකරලා දැන් විශ්‍රාමයෙන් ඉන්න අපිට තවත් කරදර නොකර...!
නොදකින්...!
ඇපත් නෑ. ඕවාට රැවටුණු වයසක පරම්පරා නෑ...
මොන සුසංයෝගේ ආවත් මෙදාපාර රටම මාලිමාවට...!
චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, මහින්ද සජිත් සියළු දෙනාම හවුලක් හදාගෙන එක පෙරමුණකට ඇවිල්ලා ඡන්ද ඉල්ලන එක රටට හොඳයි. අවුරුදු හැත්තෑ පහක් රට කෑව... නඩය එකට තියලා පරද්දන්න පුළුවන් එතකොට...
චන්ද්‍රිකා එයාගේ කාලේදී රටට කරපු කෙන්ගෙඩියක් නැහැ. බොරු කයිවාරු විතරයි තිබුනේ. දැන් විශ්‍රාම ගිහිනුත් අවුරුදු 18 ක් විතර වෙනවා. තවත් එනවා රට හදන්න. මහජනතාව පත්කරපු ආණ්ඩුවක් අවුරුදු දෙකෙන් තමන්ගේ පෞද්ගලික උවමනාවට විසිරවිමේ විපාක තමයි මේ දැන් අපි ගෙවමින් තියෙන්නේ. එනිසා මෙයාව නම් ආයේ සත පහකටවත් විශ්වාස කරන්න එපා. සිරිසේනවත් සතයකට විශ්වාස කරන්න එපා. දැක්කනේ දින 52 ආණ්ඩු පිහිටුවලා රටට කෙලවපු කෙළවිල්ල. නාමල් කුමාරවගේ අය තියාගෙන නටපු විගඩමක්. එනිසා මේ මිනිස්සු දෙන්නාවම ආයේ රට පාලනයට ගාව ගන්නවත් එපා...
ජාතික ජනබලවේගයට ජයවේවා,මාලිමාවට ජයවේවා !!!
අපේ මාලිමාව අපිට හොඳයි. අවුරුදු 70 ක් රටකාපු හැත්තට වඩා...
චන්ද්‍රිකා නෝනේ, ඒ කාලේ හොරාකාපු සල්ලි ඉවර වෙලාද, ආයෙත් අපිට කෙලවන්න ගත්තේ? ඒවා නම් මේ පාර වානා.
ලංසාගේ සන්ධානයේ ඉන්නේ මිනිහාගේ තාත්තාගේ ගුබ්බෑයමේ අයද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත්ජාතික පක්ෂය, පොහොට්ටුවෝ, මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය වගේ පක්ෂවලට ගෑවුණු කාටවත් අපේ ඡන්ද නැත, අපේ මුළු ගමම මාලිමාවට!
කක්කුස්සි වලවල්වල බැස්සත් මොවුන් ගඳ දරාගෙන ඉන්න පුළුවන් අය... අප්පිරියයි..!
මිනිස්සුන්ට කන්න නැති වුණත්, රට වලපල්ලට ගියත් පක්ෂ හදා බඩවඩාගන්න මිනිස්සු...
මෙදාපාර නම් පරණ කාටත් මොන පක්ෂයෙන් ආවත් ඡන්දෙ නැත...