IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මෛත්‍රී කඩුව දුන්නේ වැදි රජුටයි - නීතිඥ රවී ජයවර්ධන

(නිමල කොඩිතුවක්කු)

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය  එදා ජනවාරි 08 ජයග‍්‍රහනයට උරදුන් පිරිසට එල්ල කළ කනේ පහරක් බව  නීතිඥ රවී ජයවර්ධන  මහතා කොළඹදී අද(02) පැවැසීය.

ජනවාරි 08 ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම බලවේග එක්ව ජනාධිපතිවරයගේ මෙම තීරණය පරාජයට පත් කිරීමට කටයුතු කරන බව ජයවර්ධන මහතා සඳහන් කළේය.

යුක්තිය උදෙසා වෘත්තිකයෝ රාජගිරිය සෝලිස් උත්සව ශාලාවේදී පැවත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රවී ජයවර්ධන මහතා මෙසේද කීවේය.

      ‘‘ජනවාරි 08 වෙනිදායින් පසු තිබූ තත්වයට වඩා වෙනස් තත්වයක් රට තුළ ඇතිවෙමින් තිබෙනවා. ලක්ෂ 62ක ඡන්දයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කරලා තියෙනවා.

රටේ මහජනතාව ප‍්‍රතික්ෂේප කරපු  චරිතයක් අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් මෙම තීරණය  එදා ජනවාරි 08 ජයග‍්‍රහණයට උරදුන් පිරිසට එල්ල කළ කනේ පහරක් විදියට අපි දකිනවා.

රජයේ මාධ්‍ය ආයතන ජනවාරි 08ට පෙර වගේ දැන් හැසිරෙමින් තිබෙනවා. හෙට අනිද්දා වෙනකොට මෙයලා අධිකරණයටත් අත තියනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ කඩුව දීලා තියෙන්නේ වැදි රජුටයි. මේ වැදි රජා මහ රජා කාලේ තමයි අපි සටන ගෙනිච්චේ.

එදා සාධාරණ සමාජයක් හදද්දි අපෙන් මිනිස්සු ඇහුවා කලූගලේ ඔලූව ගහගන්නද හදන්නේ කියලා. රජෙක් එක්ක හැප්පෙන්න පුලූවන්ද ඇහුවා. අපි ඒ රජා එක්ක හැප්පිලා ගෙදර යැවුවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කරන්න එදා ජනවාරි 08 බලවේගයේ සිටි අපි සියලූ දෙනාම කැපවෙනවා.

පාර්ලිමේන්තුවේ බලය නොනිල විදියට අපි මේ වනවිට පෙන්වල තියෙනවා. යළි පාර්ලිමේන්තුව කඩිනම්න් කැඳවන්න කියලා වෘත්තිකයන් විදියට අපි අවධාරණය කරනවා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.

 



අදහස් (0)

මෛත්‍රී කඩුව දුන්නේ වැදි රජුටයි - නීතිඥ රවී ජයවර්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site