
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පාතාලය ඇතුළු පිටස්තර පුද්ගලයින්ට අලෙවි කර තිබු තවත් රිවෝල්වර ගිනි අවි දෙකක් සමග ව්‍යාපාරිකයන් තිදෙනකු අද සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
දැනට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන එම අධිකරණයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සේවකයන් තිදෙනාගෙන් හෙලි කර ගත් තොරතුරු අනුව එම ගිනි අවි සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
එක් රිවෝල්වරයක් විදේශීය රටක නිෂ්පාදනය කර ඇති බවත් අනෙක් රිවෝල්වරය කොටස් එකතු කර මෙරට දී සාදා ගත් එකක් බවත් පොලීසිය කියයි.
සැකකාර බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා එම ගිනි අවි දෙක සැකකාර ව්‍යාපාරිකයන්ට විකුණා ඇත්තේ රුපියල් එක් ලක්ෂ විසි දහසකට බවද මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මාතර නාදුගල හා වෙහෙරහේන යන ප්‍රදේශ වලදී ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගබඩා කමරයේ බාරකරු කොහොමද දැන් ඉන්නෙ