(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බදු පමා වන සෑම මාසයකටම සියයට 3 ක බද්දක් අය කරන හෙයින් කෝටි 400ක ප්‍රමාද ගාස්තු එකතුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මෙම සමාගම් වසා දැමීමෙන් එම බදු අය කර ගත නොහැකි වන බව පැවසූ සියඹලාපිටිය මහතා බදු ගෙවීම සඳහා ඒ සමාගම්වලට දෙසැම්බර් 29 තෙක් කල්දී ඇතැයිද ප්‍රකාශ කළේය.
ඉන්පසු බලපත්‍ර කාලය දීර්ඝ නොකිරීමටත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
සුරා බදු වංචා වැළැක්වීමට වැඩිම ක්‍රියාමාර්ග ගත් යුගය මෙය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මත්පැන් බෝතල් සඳහා ස්ටිකරය හඳුන්වාදීම විප්ලවකාරී පියවරක් බව පැවසූ අමාත්‍යවරයා එහි ප්‍රශ්න තිබෙන බවද සඳහන් කළේය.
ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ නැංවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධිවීම ගැන බොහෝම සතුටුයි... රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදල වහාම අයකර ගැනීමට වහා කටයුතු කළයුතුයි.
අරක්කු කොම්පැණි ටික රජයට අරන් කොම්පැණිකාරයින්ගේ සියලුම දේපල ටිකත් එක්ක ප්‍රසිද්ධ වෙන්දේසියේ වික්කා නම් ඉවරයිනේ. හැබැයි එතකොට කොමිස් නෑ...!
ඇමැතිතුමා සිද්ද වෙන්නේ මේකයි. ඔවුන් ඔය බදු ගෙවන්නේ නැතුව සමාගම් තහනම් වෙන්න ඉඩ හරිනවා. ඊට පසු බිරිඳගේ හෝ දරුවෙකුගේ නමින් නැවත කර්මාන්තය පටන් ගන්නවා. එමනිසා... එම පුද්ගලයින් බංකොලොත් කාරයින් හැටියට පත්කරන්න ක්‍රමයක් තිබෙනවා නම් එය ක්‍රීයාත්මක කරන්න. දේපල විකුණා හෝ බදු ගෙවන තත්වයට පත් කරන්න.