IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්පැන් ජාවාරමා පොලිසියට මන්නෙකින් කොටන්න හදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ මත්පැන් ජාවාරම්කරුවෙකු  අද 25 අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි

සැකකරු සතුව තිබූ මන්නය ද පොලිස් බාරයට ගෙන ඇත

පුද්ගලයකු මන්නා පිහියක් රැගෙන කලහකාරි  ලෙස හැසිරෙන බවට දිවා මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ලද තොරතුරු අනුව වැලිපැන්න, නුග ගහ ලන්ද , බිෆ් වත්ත
ප්‍රදේශයට ගොස් තිබූ බව පොලිසිය කියයි

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු පරුෂ වචනයෙන් බැන වදිමින් කලහ කාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ට  අත දරා සිටි මන්නෙන්  පහරදීමට තැත් කර ඇති අතර  පොලිස් නිලධාරීන් දෙදෙනා 119 දිවා රාජකාරියේ යෙදුණු පොලිස් සැරයන්වරයකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන ඔහුගේ සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයකු සමග ආරවුලක් හටගෙන එම පුද්ගලයා විසින් සැකකරුගේ කන සපා කා බරපතළ තුවාල සිදුකර තිබූ අතර ඊට උරනව සැකකරු මන්නයක් රැගෙන එම පුද්ගලයා සමඟ ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙකි 

පොලිස්  නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී  බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

වැලිපැන්න  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද  සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ



අදහස් (0)

මත්පැන් ජාවාරමා පොලිසියට මන්නෙකින් කොටන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site