IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි

(යොහාන් භාසුර)

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මස 3 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සුරාබදු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,235 ක් කළ බවත් එම වැටලීම්වලදී පුද්ගලයන් 1,320 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුව කීය.

නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ ස්ප්‍රීතු සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීමට සම්බන්ධ වැටලීම් 658 ක් සහ නීතිවිරෝධී මත්පැන් ස්කාගාර පවත්වාගෙන යෑම සම්බන්ධ වැටලීම් 224 ක් කළ බව කියන සුරාබදු දෙපාර්තමේන්තුව 1913 එම දෙපාර්තමෙන්තුවේ ක්‍ෂණික දුරකථන අංකයට  ලැබුණු ඇමතුම් ජනතාව දුන් තොරතුරු ඔස්සේ වැටලීම් රැසක් කළ බව ද සඳහන් කළේය.  



අදහස් (0)

මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site