( රොමේෂ් මධුෂංඛ)
තලෙයිමන්නාරම කට්ටුකාරයන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවක සඟවා තිබූ මත්පෙති 10,500 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කට්ටුකාරයන් කුඩිඉරිප්පු රක්ෂිත කැලෑ ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පළමුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කැලෑවේ සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගනු ලැබීය.
ඒහිදී උරයක බහා සඟවා තිබූ අදාල මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් කැලෑවේ සඟවා පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන් වලට විකිණීමට සැකකරු විසින් සැලසුම් කොට තිබූ බවට අනාවරනය වී ඇත.
සැකකරු තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd