(ගයාන් සූරියආරච්චි)
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෝදර රොහාන් සහ ඩුබායි නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයෙකු හෙරොයින් සහ අයිස් ඉතා සූක්ෂම ලෙස රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 112, මිලි ග්‍රෑම් 690 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25, මිලි ග්‍රෑම් 700 ක් සහ විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල් 170,000 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd