(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකු සඳහා මරණ දඬුවම් ලබා දීමට තමා මේ වන විට අත්සන් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය බෙදා හැරිම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම් ලබා දී ඇති පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් කර ඇතැයි බවත් එය නුදුරේදීම ක්‍රියාත්මක කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද තීරණයක්.
හොඳ තීරණයක්.
මීලඟ නාට්‍ය ඕක. ඕව ගැලරිය පිනවන්න කතා විතරයි.
විහිලු සැපයීමේත් සීමාවක් තියෙන්න ඕනේ නේද?
කව්රු කෙසේ කීවත් අප "මොහුගේ මෙම ක්‍රියාව නම් ඉහළින්ම අගය " කරන්නෙමු. හැකි ඉක්මණින් මෙම තීරණය ක්‍රියාත්මක කරන මෙන්ද ඉල්ලා සිටින්නෙමු...
එල්ලන...එල්ලන හැම වරදිකාරයෙක් වෙනුවෙන්ම ..." බලු.. කපුටු දානයක් දීලා අපි ප්‍රාර්ථනා කරනවා එවැනි අය නැවත අපේ රට තුළ නොඉපදේවා කියලා... !"
මේක නම් මෙතුමා කරන විශාල සෙතක් මුලු රටටම මොකද මේ කුඩු වදෙන් විශාල තරුණ පිරිසක් රටට නැතිවෙලා.....
දවල්ද?
පස්සෙ කියන්න එපා... එල්ලුම් ගහ හදන්න විදිහක් නැහැ. වඩුමඩු වහලා කියලා...