(ජේ.කේ.එල්. චාමින්ද)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දි (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
වර්ෂයේ දි (2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214කි. මේ සදහා විදේශ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉකුත් වර්ෂ 06ක කාලයේ (2017සිට 2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකි තොරතුරු සදහන් වන්නේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුලත්කරණු ලැබ ඇති විගණන වාර්තාවේය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණි රාජපක්ෂලා රටේ ආර්ථිකය කෑවා. අපරාදෙ මත්තලට වියදම් කළ මුදල්...!
කමක් නැහැ. නම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලනේ...
රාජපක්ෂ නමක් ගෑවුණු තැනක අලාභයක්ම තමයි. මේ රාජපක්ෂ කරුමය ඉක්මණින්ම නවතා දැමිය යුතුයි.
රාජපක්ෂලා ගෑවුණොත් පාඩු තමයි. මොන දේද ප්‍රොෆිට් වුණේ..? මේ රටේ ධනය කාබාසිනියා කළ එක විතරයි වුණේ...!
ඕවා කොහොමත් රටට ලාභ ගන්න හදපුවා නෙවෙයි. බෝඩ් ලෑල්ලට නම දාගන්නයි ගසාකන්නයි හදපුවා විතරයි..
අනේ ඒකට මොකද? ඕකත් අපි කාට හරි නායකයෙකුට දීලා දාමු... එතකොට වැඩේ අහවරයි.
කොහොමද පාඩුව විතරක් ... රට පාලනය කළ අමන මෝඩ රැළ හොරකම වංචාව දූෂණයට අමතරව සිදුකළ විනාශය කෙතරම්ද ?