IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්තලින් වාර්තා ගත ලෙස අලාභයක්

(ජේ.කේ.එල්. චාමින්ද)

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දි (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

වර්ෂයේ දි (2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214කි. මේ සදහා විදේශ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉකුත් වර්ෂ 06ක කාලයේ (2017සිට 2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකි තොරතුරු සදහන් වන්නේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුලත්කරණු ලැබ ඇති විගණන වාර්තාවේය.

.



අදහස් (7)

මත්තලින් වාර්තා ගත ලෙස අලාභයක්

prasanna Sunday, 09 July 2023 12:19 PM

මේ කාලකණ්ණි රාජපක්ෂලා රටේ ආර්ථිකය කෑවා. අපරාදෙ මත්තලට වියදම් කළ මුදල්...! 

:       1       22

ලුම්බිණි Sunday, 09 July 2023 12:42 PM

කමක් නැහැ. නම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලනේ...

:       1       16

Rata Perata Sunday, 09 July 2023 12:43 PM

රාජපක්ෂ නමක් ගෑවුණු තැනක අලාභයක්ම තමයි. මේ රාජපක්ෂ කරුමය ඉක්මණින්ම නවතා දැමිය යුතුයි.

:       1       21

Kazi Shajahan Sunday, 09 July 2023 02:09 PM

රාජපක්ෂලා ගෑවුණොත් පාඩු තමයි. මොන දේද ප්‍රොෆිට් වුණේ..? මේ රටේ ධනය කාබාසිනියා කළ එක විතරයි වුණේ...!

:       1       19

Deshapriya Sunday, 09 July 2023 02:18 PM

ඕවා කොහොමත් රටට ලාභ ගන්න හදපුවා නෙවෙයි. බෝඩ් ලෑල්ලට නම දාගන්නයි ගසාකන්නයි හදපුවා විතරයි..

:       1       21

Dewa Sunday, 09 July 2023 05:15 PM

අනේ ඒකට මොකද? ඕකත් අපි කාට හරි නායකයෙකුට දීලා දාමු... එතකොට වැඩේ අහවරයි.

:       1       11

Samitha Senaka Aluthgamage. Monday, 10 July 2023 10:02 AM

කොහොමද පාඩුව විතරක් ... රට පාලනය කළ අමන මෝඩ රැළ හොරකම වංචාව දූෂණයට අමතරව සිදුකළ විනාශය කෙතරම්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site