
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මත්තල ගුවන්තොටුපළ සෑදීමට රුපියල් කෝටි 3650 ක් වියදම්වූ බවද ඔහු සඳහන් කළේය.
එදා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට මාසයකට ලක්ෂ එකසිය තිස් හතරක් වැය වූ නමුත් වර්තමාන කාර්ය මණ්ඩලයට වැය වන්නේ ලක්ෂ විසි තුනක් පමණක් බවද රත්නායක මහතා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ෆෙරාරි හාදයාට බැරි වුණාද මේ වගේ ගුවන්තොටුපලවල්වලින් වැඩක් ගන්න...
අත්දැකීම් බහුල ඈයින්ගේ වැඩනේ. අපේ නොතේරුම් කමට වෙන්ඩැති මේවාට පාඩුයි කියන්නේ...!
බොරුවෙන්ම ජයගන්න හදන කයිය විතරක් තියන මේ වගේ ආණ්ඩුවක් වෙන කොහේවත් නැතිව ඇති...
බයවෙන්න එපා, අපේ යෝගා ඇතුළු නඩය කියාවි, ඒක අද හදන්න ගියානම් ඔය දෙකේ එකතුවට සමාන මුදලක් යනවා, ඒක නිසා පාඩුවක් නෑ කියලා…!
බොරුවෙන් හරි වැඩේ කෙරෙනවා නම් මොකද? නාස්තිය, හොරකම නැතිව...!
ඇයි මත්තල රටේ තියෙන සල්ලි ඇදලා ගිනි තියනවද? එකෙක් ගිහින් වී ගබඩා කළා. අනිත් වුන් පාඩු ගණන් හදනවා. මේවා ජාතික සම්පත්. හදපු නායකයා ගෙදර අරගෙන ගියේ නෑනේ. ඒ සම්පත්වලින් රටට වැඩ ගන්න දැනගන්න ඕනෑ. උගන්ඩා කතාවේ දෙවැනි කොටස...
කේලම් කිය කියා හිටපල්ලා..
රම්බොඩලගේ ජාතික නායකයා පොළොන්නරුවේ ඉපදුනානම් පොළොන්නරුවේ වරායක් හදනව. නැවු එන විදිහ අදාලම නෑ. වරායක් හදලා ගෙවාගන්න බැරුව චීනෙට විකිණුව. මත්තල හදලා පාඩු නිසා තව කාටහරි විකුනන්න වෙනවා. සමහරු ඉන්නවා අතේ සතේ නෑ. රස්සාවක් කරන්න කම්මැලියි. තියෙන ගේ දොර විකුණලා බූරු ගහනවා. ඒ අතරේ අවුරුද්දෙන් අවුරුද්දට දරුවෝ 10-15 හදනවා. අන්තිමට ඒ දරුවෝ කාට කාට හරි දෙනවා. ඒ වගේ තමයි "ජාතක" නායකයා. රට උකසට තියලා ගමේ හිතෙන හිතෙන තැන්වල එක එක ඒවා හැදුවා. දැන් රටට ලෝකෙට ණයයි. අර බූරු ගහලා ළමයි විකුණන තාත්තා වගේ.පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට තියන්න ඔස්ට්‍රේලියාව එක්ක තරග කරා. අන්තිමට ඕස්ට්‍රේලියාවේ පැවැත්තුවා. පාරවල් හෝටල් ක්‍රීඩාපිටි සියල්ල තිබෙන ඕස්ට්‍රේලියාවේ එක තියලා ඔවුනට ඩොලර් බිලියන ගණනක් පාඩු වුනා. මොනවත් නැති හම්බන්තොට තිබ්බනම් අද ලංකාවක් නෑ. ඒකට ගත්ත ණය හිලවුවට රට වෙන කාට හරි විකිණිලා. දෙවියෝ බැලුවා වගේ හම්බන්තොටට නොලැබුණේ. ජාතක නායකයාගේ ජාතකේ එහෙමයි. රට උකස්කරලා බූරු ගහපු ජාතකේ
ඕකෙන් ගසාකාපු උන්දලාට නම් පාඩුවක් වෙන්න නැතුව ඇති. ඕකට උඩින් ගියත් සල්ලි හම්බවෙනවා කියලනේ පාරම් බෑවේ.
ඔච්චර විශාලා මුදලක් වියදම් කරලා හරි ඔක ඔතන අටව ගත්ත නාකි මයිනාගේ නම ගහපු බෝඩ්එක තව පරම්පරා ගාණක් යන තුරු එතන තියෙවි නේද?
මේ කුලියට ලියන එවුන් හින්ද පුදුම කරදරයක් තියෙන්නේ. ඒ මදිවට කඩේ යන එවුන්. මොන තරම් ජාතික අපරාදයක් කරත් රකිනවා කියන්නේ, තමන්ගේ අම්ම තාත්ත ගැනවත් හිතන්නේ නැතුව ඇති එහෙම
අනෙක් රටවල තව ගුවන්තොටුපලක් හදන්නෙ තිබෙන ගුවන්තොටුපලෙ ඉඩ මදි වුන විටයි. ණය දුන්න රටේ අය සිතන්නෙ මත්තල ගුවන්තොටුපල අනුවන වැඩක් හැටියටයි.
මේ ලඟදි චීනයේ CGTN එකෙම පෙන්නුවා ලෝකයේ පාලුවට ගිය එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල ගැන විස්තර. ඒ අයත් බනින්නේ රාජපක්ෂලා හොරා කෑවා කියලා. චීනයම කියනවා නම් තව මොන කතා ද?
මෙතැන වැඩේට පක්ෂව කමෙන්ට් දාන අය කියනවා නම් වැඩක් ගත්තේ නැති නිසා පාඩුයි කියලා, ඒ අයට පුළුවන් ඔය පැත්තේ උස ගස්වලට නැගලා කොඩි වනලා ඔය හරහා යන ගුවන් යානා බස්සවාගෙන වැඩ හදාගන්න. තියෙන ගුවන්තොට සංවර්ධනය නොකර මේ අට මගලේ වර්ණනා කරලා තමන්ගේ නායකයා රකින අයට කරන්න තියෙන්නේ අරදේ තමයි. වැඩ අල්ලා ගන්න..
මේ සමහරක්ගේ කොමෙන්ට් දැක්කාම හිතෙන්නේ රට කාලා හප කෙරුවේ රාජපක්ෂලා වික්‍රමසිංහලා සහ ප්‍රේමදාසලා විතරක් නොවෙයි කියලා ඒවාට රම්බොඩලා හෆීල්ලා උක්රන්ලා වගේම ගුණරත්නලාත් හවුල් බවයි.
ලංකාවේ බයියන්ට කොහෙද මේවා තේරෙන්නේ
ජාත්‍යන්තර ගුවන්තොටුපලක් නිතරම පිහිටුවා තිබෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක් ආසන්නයේ, මේ වටේම තිබෙන්නේ උඩවලව, යාල වැනි වන උද්‍යාන... එම නිසා මේ පළාත ඉදිරියේදී ජනාකීර්ණ වෙන්නේ නැහැ. එම නිසා මෙම ගුවන්තොටුපල සාර්ථක වෙන්නේ නැහැ. ජාත්‍යන්තර ගුවන්තොටුපලකට ගුවන්යානා ආවත්, නැතත් ටවර් එකේ සේවක මඩුල්ලක් , ගිනි නිවන හමුදාවක් සහ වෙනත් කාර්ය මණ්ඩල පැය 24 පුරාම සිටින්න ඕනේ.. මේවාට මුදල් වැය වෙනවා. දැන් කළහැකි හොඳම වැඩේ ඕක ජාත්‍යන්තර ගුවන්තොටුපල ලැයිස්තුවෙන් ඉවත්කොට, ගුවන් යානා පුහුණු පාසලකට හෝ ගුවන්යානා නඩත්තු සමාගමකට බදු දී එහෙමත් නැතිනම් ගුවන්තොටුපලේ පාලනය ගුවන් හමුදාවට බාර දෙන්න.. නැතිව මේ විදිහට දිගින් දිගටම පාඩු පිට පවත්වාගෙන යන එක විශාල ජනතා මුදල් නාස්තියක්...