(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ක්‍රියාකාරී ගුවන්තොටුපොළක් බවට කඩිනමින් පත් කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළු හා ඊට අදාළ විසඳුම් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් වහාම තමන් වෙත ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපොළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඉදිරි කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවේදි ඇමතිවරයා මේ උපදෙස් දුන්නේය.
2018 වර්ෂයේදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් ගමන් මෙහෙයුම් සංඛ්‍යාව 709 ක් වන අතර ඉන් 334ක් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත් 375 අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත් මෙම සාකච්ඡාවේදි අනාවරණය විය. එය 2017 වර්ෂයට වඩා 50%ක අඩුවීමකි.
මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරහා 2018 වර්ෂයේදි ගුවන් මගීන් 3403 පැමිණ තිබේ. එය 2017 වර්ෂයට සාපේක්ෂව 85%ක අඩුවීමක් බවද මෙහිදී අනාවරණය විය. 2017 වර්ෂයේදි කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් පථය වසා දැමීම හේතුවෙන් කටුනායක පැමිණි ගුවන්යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරවා යැවීම නිසා ඒ වසරේ එ ගුවන්යානා පැමිණිම ඉහල මට්ටමක පැවති බව නිලධාරීහු මෙහිදී ඇමතිවරයාට පෙන්වා දුන්හ.
කෙසේ වෙතත් 2019 මුල් මාස 8 තුළ මත්තල රාජපකෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා මෙහෙයුම් 645 සිදුව ඇති අතර මගීන් 1297 ක් පැමිණ තිබේ. මෙම මාස කිහිපය තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා කිසිවක් පැමිණ තැත.
පසුගිය රජය යටතේ වී ගබඩා කිරීම නිසා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට සිදුවූ හානිය මෙන්ම පසුගිය රජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළේ සියෙලු අංශවලට සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ඇමතිවරයා මෙහිදී නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක මාස කිහිපයකට වහලා ඒ සියලු ගුවන් යානා මත්තලට යවන්න බැරිද ?
වෙන රටවල් අවශ්‍ය තැන බලලා සැලැස්මක් හදලා තම ගුවන් තොටුපළවල් හදන්නේ. මෙහෙ ගුවන් තොටුපළ හදලා තමා ගුවන්යානා ගේන්න සැලැස්මක් හදන්නේ.
එතකොට මෙච්චර කල් ඕක ජාත්‍යන්තර එකක් නොවෙයිද ? හැබැයි ගුවන් යානා එන්නැති ලෝකයේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කියලා ලෝක ප්‍රසිද්ධයි.
ඔලුව හොඳ නැද්ද ? මේ වගේ කුණු ගොඩවල් වලට තැන දුන්නම පේනවද රටට මොකද වෙන්නේ කියලා ?
දැනුවත් උනා .... දැන් කියන්නකෝ කාගෙන්ද මේ සැලසුම් ඉල්ලන්නේ කියලා. ලංකාවේ අයගෙන් විතරයි නේද ? පිටරටවල සැලසුම් එපා කියලා ටිකක් සද්දෙන්ම කියන්නකෝ එතකොට ඔයාලට ඡන්දෙ දීපු අයට පාරේ බැහැලවත් යන්න පුළුවන් වෙයි.
ඌව පටන් ගන්න පෙර නේද සැලසුම් හදන්න වුනේ...?
ඕකට රිපෝට් මොකටද? මේ ලෝකේ කාටහරි මත්තලට එන්න තියෙන වුවමනාව මොකක්ද? අනික ලංකාවේ කාටමහරි පිටරට යන්න මත්තලට යන්න ඇති වුවමනාව මොකක්ද? මිනිහෙක් බුලත්විට කඩයක් දැම්මත් ඒක දාන්නේ හන්දියක මිසක් කැලයක නෙවෙයි.
ඔය අවට ඉන්න පක්ෂීන් මරලා ඉවර කරලා තමයි ඉදිරිය බලන්න ඕනේ. අපේ මහා සඟරුවන නිහඬ වේවිද බලමු...
බය නැතිව ඒක කරන්න.. එජාපයේ අය හුදෙකලා වී ඉන්න නිසා වී ගබඩාවක් වෙන්නේ නැහැ ආපහු..
ඕක "මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ" කියලා බෝඩ් ලෑල්ලක් එල්ලුවා නම් වැඩේ ඉක්මණට ඉවරයිනේ !!! "පසුගිය රජය යටතේ වී ගබඩා කිරීම නිසා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට" අලාභ වුනේ කොහොමද?
මෙයා වැඩක් කරන්න පුළුවන්... එහෙම රට ගැන හැඟීමක් තියෙන එක නොවේ... 2005 සුට 2015 දක්වා කලේ පාතාලේ තියාගෙන වටිනා ඉඩම් කොල්ල කාපු එක.
මං මෙච්චර කල් හිතන් හිටියෙම මේක ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කියලනේ, යකෝ දැන් නොවැ දන්නේ මේක අනාගත ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බව...
එතකොට කෝටි ගණන් ණය වෙලා ඕක හැදුවේ සැලැස්මක් නැතුවද? කොමිස් කුට්ටිය ගැන විතරද හිතුවේ...?
පවුලේ අයගේ යහපතට තමුන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න හදපු එකක් කියලනේ රාවයක් තිබුනේ.. නූපන් දරුවන් පවා ලෝකෙට ණයකාරයින් කරලා.. ඔවුන් හොඳට ගසා කෑවා...