(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී  උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන්  පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන්නේය.

මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා මුතුකුමාරණ මහතා වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සභා ගර්භයට කැඳවාගෙන එනු ලැබීය.

දිවුරුම් දීමෙන් පසුව  ඔහු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මධ්‍යයේ
විපක්ෂයේ පසුපෙළ ආසනයක අසුන් ගත්තේය.