(නිමාලි කහවල)
සබරගමු හා බස්නාහිර පළාත් මාර්ග බාධකයද මඟහැර මත්කුඩු සොයාගැනීම සඳහා කැළෑබද මාර්ග හරහා කිලෝමීටර් 10කට අධික දුරක් පාගමනින් ගමන්කළ මත්කුඩුලෝලීන් දෙදෙනෙකු නැවත තම ගම් ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස මත්කුඩු සොයාගිය සැකකරුවන් මත්කුඩු භාවිතයට ඉතා තදින් ඇබ්බැහිවූවන් බවත්, මේ දිනවල පවතින ඇඳිරිනීතිය හේතුවෙන් මත්කුඩු සොයාගැනීමේ අපහසුවෙන් ඔවුන් බලවත් අපහසුතාවයට පත්ව ඇති බවත් පොලිසිය පවසන අතර, ඔවුන් කැළෑබද මාර්ග සහ අතුරු මාර්ග භාවිතා කරමින් පාගමනින් මත්කුඩු සොයමින් ගොස් නැවත තම ගම් සීමාවට පිවිසීමට ප්‍රධාන මාර්ගයට පිවිසි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් කිරිඇල්ල පොලිස් වසමට අයත් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යංශය විසින් කළ පුළුල් විමර්ශනයේදී එදිනම තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 165ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන් මඩල, ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවො ඉස්සරහ බොන තාත්තල මුල ඉදලම හිත හදා ගන්න දරුව දවසක කුඩු ගහල ගෙදර එන එකට. ඔබ ඔවුන්ට උගන්වන්නෙ මත් වීම වීරකමක් කියලනන් ඔවුන් ඔබට වඩා හොදින් එය කරනු ඇත.