
(ඉන්දිකා රාමනායක,තිලකරත්න දිසානායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනකු හෙරොයින් සහ මුදල් තොගයක් සමග ගම්පහ මාකේවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30 ට ප්‍රමාණයක්, ජංගම දුරකථන හයක් , රුපියල් 1,20,000 අධික මුදලක්, තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි .
මෙම සැසැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරට ලද තොරතුරකට අනුව , ගම්පහ පොලිස් වසමේ තම්මිට, මාකේවිට ප්‍රදේශයේ නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදු කර මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
එක් සැකකරුවෙකු සතු ව හෙරොයින් ග්‍රෑමි 14 යි මිලි ග්‍රෑමි 600 ක්, මුදලින් රුපියල් 120,000.00 (එක්ලක්ෂ විසි දහසක්), කඩුවක්, රත්තරන් පැහැති අත්පලඳනාවක්, ජංගම දුරකථන 02 ක් වූ බවත් , අනෙක් සැකකරු සතුව ජංගම දුරකථන පහක් , හෙරෝයින් ග්‍රෑමි 15.255ක් ද තිබුණු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ගනේමුල්ල සංජීව ගේ මෙහෙයවීමෙන් සිදුකරන අපරාධ සඳහා මොවුන් මෙම දුරකථන භාවිතා කරමින් එම අපරාධ සඳහා යන වෙඩික්කරුවන්ට මෙම දුරකතන ලබා දී අවශ්‍ය මග පෙන්වීම සිදුකරන සැකකරුවන් බවට හෙළි වී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධික්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස්ධි අධිකාරි ජානක සේනාධිීර (ප්‍රධාන කදවුරු භාර නිළධාරි පසු මුලස්තානය )මෙහෙය වීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd