IMG-LOGO

මත්කුඩු ගිල්ල කාන්තාවක් මරුට

 

(ජේ.කේ.එල්. චාමින්ද)

මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටියදී අද (16) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ හදුන්නෙත්ති චාන්දනි නැමති මුණුගොඩපාර කළුපේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

හික්කඩුව පොලිසියේ  පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කළුපේ ප්‍රදේශයේදී කරණු ලැබු වැටලිමකදී හෙරොයින් ග්‍රැම් 02ක් හා මිලිග්‍රැම් 185ක් සමග මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සන්තකයේ තිබී රුපියල් 18,160ක මුදලක්ද පොලිසිය සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් බලපිටිය අධිකරණය වෙත කරුණු වාර්තාකර ඇත.

මෙම තැනැත්තිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය විසින් සගවාගෙන සිටි හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් ගිල දැමිම හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් තළේය.

ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් ඇත. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය හෙට (17) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවත්වීමට නියමිතය.



අදහස් (4)

මත්කුඩු ගිල්ල කාන්තාවක් මරුට

Nihal Friday, 16 October 2020 01:42 PM

වැඩි වැඩියෙන් මෙවන් පුවත්ම තමයි අසන්න වෙන්නේ...

:       5       13

janaka Saturday, 17 October 2020 04:20 AM

නිහාල්ට හුඟක් රිදිලා වගෙයි. මෙවැනි පුවතක් දුටුවිට මට නම් දුකක් නැහැ. තවත් එක සමාජ විරෝධී වැඩකරන, නීතිවිරෝධී වැඩකරන කෙනෙක් මේ රටෙන් තුරන් වුණු එක ගැන. මෙවැනි දේ ගැන දුක් වෙන්නේ නීතිවිරෝධී වැඩකරන, ජනසමාජය විනාශකරන කාලකන්නි විතරයි.

:       4       4

RaveendraSaturday, 17 October 2020 08:50 AM

ඔබගේ අදහස් නිවැරදිය. අප කිසිවෙකුගේ ප්‍රාණය නසනවාට සතුටු නොවන්නෝය. එනමුත් සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් සාමකාමී සමාජයේ පැවැත්මට හානිකරන කරුණු කාරනා සමාජයෙන් හැකිතාක් දුරට ඈත් කිරීමට සැමවිටම උත්සාහ කළයුතුයි. එය කිරීම මහත්වූ පිනකි..

:       4       2

Benoy Mohammad Saturday, 17 October 2020 05:37 AM

සෙනෙරියෝ එලෙසම පවතී. ප්‍රාදේශීය නිලධාරීන් කරන්නේ කුමක්ද? ඇය සමඟ මත්ද්‍රව්‍ය ඇති බව ඔවුන් දන්නේ නැද්ද? නැතහොත් ඔවුන්ද මත්ද්‍රව්‍ය මාෆියාව සමඟ සම්බන්ධ වී තිබේද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 413 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site