(ගයාන් සූරියආරච්චි  සහ ජේ.කේ.එල් චාමින්ද)

හෙරොයින් කිලෝ 200 කට අධික තොගයක් සමග සැකකරුවන්ද 11ක් දෙවුන්දර දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් සහිත උර තුනක් (03) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28 ත් 52 ත් අත‍ර වන මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

 

-----------------------

 

 

කුඩු ගෙනෙන බවට සැකපිට යාත්‍රා දෙකක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)

හෙරොයින් තොගයක් රැගෙන එන බවට හඳුනාගත් මෙරට බහු දින යාත්‍රාවක් සහ එක්දින යාත්‍රාවක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

එම ධීවර යාත්‍රා සමග සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව කියයි.