IMG-LOGO

මැති සබයට ජංගම දුරකතන තහනම්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනෙන ඡන්ද විමසීම පැවැත්වෙන අද (20) දින සියලුම නිලධාරීන්ට සහ සේවකයන්ට සිය ජංගම දුරකතන පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එසේම පාර්ලිමේන්තු සභාගර්භයේ සේවය කරන සේවකයන් සියලු දෙනා අද(20) දින එම පරිශ්‍රයට පැමිණීමට පෙර පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමටද තීරණය කර ඇත.

ජනාධිපති තෝරන ඡන්දයේ රහස්‍ය භාවය තහවුරු කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ සහ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද වේත්‍රධාරිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ අමතර භට කණ්ඩායම් ගණනාවක් කැඳවීමටද පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ඡන්ද විමසීම සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ට සිය පදිංචි ප්‍රදේශයට ආසන්න යුද හමුදා කදවුරෙන් ඉන්ධන ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.

 



අදහස් (2)

මැති සබයට ජංගම දුරකතන තහනම්

sisira Wednesday, 20 July 2022 08:26 AM

රනිල් ජනපතිවීමෙන් පසු අනුර අගමැති වසයෙන් රනිල් තොරගනිවී

:       1       0

sharm arn Wednesday, 20 July 2022 10:08 AM

එතකොට මන්ත්‍රීලට ජංගම දුරකථන ගන්න පුළුවන්... එහෙමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site