
(ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට ප්‍රදේශයේ නිවසක අද (17) මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය කියයි.
මොවුන් කලුතර ,බෙන්තොට සහ අලුත්ගම ප්‍රදේශවල පදිංචි තරුණ වියේ පසුවන මිතුරන් පිරිසක් බව පොලීසිය පැවසීය.
ඊයේ (16) සවස සිට මෙම මත් සාදයට සහභාගී වී මතින් පසුවෙමින් සිටි බව කියන මෙම පිරිස ලැබුනු තොරතුරක් අනුව වටලා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd