
(තිලකරත්න දිසානායක,අර්නස් ජයතිලක සහ උපාලි රණවීර)
ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි දැරිවියක් බව පොලීසිය පවසයි.
මාකෙවිට ප්‍රදේශයේ නිවසක් ඉදිකරනු ලබන පෙදරේරුවෙකු , ඉදිකරනු ලබන එම නිවසෙහි සිය බිරිඳ සහ දියණිය සමග වාසය කොට ඇති අතර දැරියගේ මව ඇගළුම් කම්හලක සේවය බවත් සැමියා විසින් මත් ද්‍රව්‍ය ගැනීම සඳහා ඇයගේ රන් මාලය උකස් කිරීම මත එය බේරා ගැනීමට මව, දියණියට ලබාදී ඇති මුදල් ඉල්ලා පහරදීමේදී දැරිය වැටී මියගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.
ඉකුත් 2 වෙනි දින මව රැකියාවට ගොස් ආපසු පැමිණ දියණිය ගැන විමසීමේදී මිතුරියගේ නිවසකට යන බව පවසා ගිය බව සැමියා විසින් පවසා ඇති අතර මේ ගැන ඇතිවූ සැකය මත ගම්පහ පොලීසියට පැමිණ දුව නොමැති බවට කරන ලද පැමිණිල්ලක් කොට තිබේ.
මේ අනුව ගම්පහ පොලීසිය ඇතිවූ සැකය මත පියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ උකස් කළ රන්මාලය බේරා ගැනීම සඳහා සැමියාට මුදල් නොදී දියණිය අතට දී පියා සමග ගොස් බේරාගන්නා ලෙස පවසා මව රැකියාවට ගොස් ඇති අතර පසුව දියණියගෙන් එම මුදල් ඉල්ලා පහරදීමේදී ඇදවැටීමෙන් පසුව පියා මුදල් රැගෙන ගොස් ආපසු නිවසට පැමිණ බැලීමේදී දියණිය වැටී සිටි නිසා ඔසවාගෙන ගොස් ගෙවත්තේ වැසිකිළි වලට දැමූ බව යැයි පොලීසිය පවසයි.
ඡායා අර්නස්ට් ජයතිලක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගරය ආසන්නව පිහිටා ඇති ඉහළගම, බණ්ඩාරවත්ත, ඉඳිගොල්ල, කිඩගම්මුල්ල, මොරගොඩ, අස්ගිරිය, පහළගම, කොස්ඕවිට, මාකිලංගමුව, කිරිඳිවිට, අකරවිට, තම්මිට, අස්ගිරි වල්පොල, වතුමුල්ල, දොඹවල, රත්මල්විට, ඔරුතොට වැනි ගම්මානවල සහ ආසන්න ප්‍රදේශවල මත් උවදුරට සම්බන්ධ අය වැඩියි වගේ. හොරකම් නිතර සිදුවෙනවා. කොස් පොල් කඩන, පරණ යකඩ අබලි ද්‍රව්‍ය එකතු කරන අය තමා සෝම්බි වගේ නිතරම ඇවිදින්නේ පාරවල්වල...
එල්ලුම් ගේන්න ඕනා මේ වගේ පාහරයන්ට
බහුතරයක් පෙදරෙරුවෝ කියනෙන් හරිම කාලකන්නි ටිකක් , දවසකට 5000 කට වැඩිය වැඩ කුලිය ගන්නවා , හැමදාම කොහේ හරි වැඩත්තියනව , එත් හම්බවෙන හැම සතේම බීමට නස්තිකරනව
පව්කර මව්පියන් යටතේ ජිවත්විම අහිංසක දරුවන්ගේ ඉරණම මෙසේ විම බෙහොම කනගාටුදායක කරුණක්
ජිවිතාන්තය දක්වා හිරේ යවන විදිහේ සුළු දඬුවමක් දෙන්න ඕන.
මෙහෙමත් නරුමයන්
තමන්ගේ දරුවාට වඩා මත්කුඩු ලොකුවුණු අධමයා. මේ වගේ අපරාධවලට උපරිම දඬුවම් දිය යුතුයි. මහා පරිමාන මත් ජාවාරම්කරුවන් අල්ලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දියයුතුයි.
තව බාර් පර්මිට් ටිකක් දුන්නා නම් හරි. මේ වගේ අපරාධවලට අවුරුදු 76ක් රට පාලනය කරපු අවස්ථාවාදී, කාලකණ්ණි දේශපාලුවෝ වගකියන්න ඕනේ...!
මිනිසුන් නරුමයින් කරන මත්කුඩු, අනේ ජනාධිපතිතුමනි කෙසේ හෝ මේ මත් රකුසාගෙන් අපේ රට ආරක්ශා කරලා දෙන්න. මේ මත් රකුසා හින්දා මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවාද? මොකද මිනිස්සු හම්බකරන සල්ලි ඔක්කෝම මත් කුඩු වගේ එව්වට වියදම් කරනවා. තරුණ ජීවිත නිකරුනේ නාස්ති වෙනවා මේ මත් කුඩු නිසා...!
මාකෙවිට පැත්තේ කසිප්පු පොලිතින් පැකට්වල දාලා විකුණන්නේ. බොන එවුන් දුක් විඳිනවා. විකුණන අය සැප විඳිනවා. පොලිසියෙන් ඇල්ලුවාට වැඩක් නැහැ. පගාව දීලා බේරිලා ඇවිත් ආයේමත් ඒකම කරනවා...
ගම්පහ නගරය මැද තියෙන මාර්කට් එකේ, ගම්පහ - ජාඇල බස්නැවතුම්පොලේ (මෝලවත්ත අසල) , ගම්පහ - මිනුවන්ගොඩ බස් නැවතුම්පලේ පොදු වැසිකිළිය අසල ප්‍රසිද්ධියේ කසිප්පු විකුණනවා. හැමතැනම පොලිතීන් උර.
මත් වතුර මත් කුඩු මුදලාලිලාට පොලිසිය යටයි කියලාද කියන්නේ...?