IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මත් ලෝලී පියා දියණිය මරා වැසිකිළි වළට දමලා

(තිලකරත්න දිසානායක,අර්නස් ජයතිලක සහ උපාලි රණවීර)

ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි දැරිවියක් බව පොලීසිය පවසයි.

මාකෙවිට ප්‍රදේශයේ නිවසක් ඉදිකරනු ලබන පෙදරේරුවෙකු , ඉදිකරනු ලබන එම නිවසෙහි සිය බිරිඳ සහ දියණිය සමග වාසය කොට ඇති අතර දැරියගේ මව ඇගළුම් කම්හලක සේවය බවත් සැමියා විසින් මත් ද්‍රව්‍ය ගැනීම සඳහා ඇයගේ රන් මාලය උකස් කිරීම මත එය බේරා ගැනීමට මව, දියණියට ලබාදී ඇති මුදල් ඉල්ලා පහරදීමේදී දැරිය වැටී මියගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.

ඉකුත් 2 වෙනි දින මව රැකියාවට ගොස් ආපසු පැමිණ දියණිය ගැන විමසීමේදී මිතුරියගේ නිවසකට යන බව පවසා ගිය බව සැමියා විසින් පවසා ඇති අතර මේ ගැන ඇතිවූ සැකය මත ගම්පහ පොලීසියට පැමිණ දුව නොමැති බවට කරන ලද පැමිණිල්ලක් කොට තිබේ.

මේ අනුව ගම්පහ පොලීසිය ඇතිවූ සැකය මත පියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ උකස් කළ රන්මාලය බේරා ගැනීම සඳහා සැමියාට මුදල් නොදී දියණිය අතට දී පියා සමග ගොස් බේරාගන්නා ලෙස පවසා මව රැකියාවට ගොස් ඇති අතර පසුව දියණියගෙන් එම මුදල් ඉල්ලා පහරදීමේදී ඇදවැටීමෙන් පසුව පියා මුදල් රැගෙන ගොස් ආපසු නිවසට පැමිණ බැලීමේදී දියණිය වැටී සිටි නිසා ඔසවාගෙන ගොස් ගෙවත්තේ වැසිකිළි වලට දැමූ බව යැයි පොලීසිය පවසයි.

ඡායා අර්නස්ට් ජයතිලක

 



අදහස් (14)

මත් ලෝලී පියා දියණිය මරා වැසිකිළි වළට දමලා

සනත් Saturday, 07 December 2024 08:10 AM

ගම්පහ නගරය ආසන්නව පිහිටා ඇති ඉහළගම, බණ්ඩාරවත්ත, ඉඳිගොල්ල, කිඩගම්මුල්ල, මොරගොඩ, අස්ගිරිය, පහළගම, කොස්ඕවිට, මාකිලංගමුව, කිරිඳිවිට, අකරවිට, තම්මිට, අස්ගිරි වල්පොල, වතුමුල්ල, දොඹවල, රත්මල්විට, ඔරුතොට වැනි ගම්මානවල සහ ආසන්න ප්‍රදේශවල මත් උවදුරට සම්බන්ධ අය වැඩියි වගේ. හොරකම් නිතර සිදුවෙනවා. කොස් පොල් කඩන, පරණ යකඩ අබලි ද්‍රව්‍ය එකතු කරන අය තමා සෝම්බි වගේ නිතරම ඇවිදින්නේ පාරවල්වල...

:       0       31

NuwanSaturday, 07 December 2024 03:35 PM

ඔබ කියන දේ හරි. ඒත් ලංකාවේ මිනිස්සුන්ට සහ මාධ්‍යවලට මේක තවත් එක ප්‍රවෘත්තියක් විතරයි. මේ ප්‍රදේශවල විතරක් නෙමෙයි. බොහෝ තැන්වල පොලීසිවල නිලධාරීන් කසිප්පු ජාවාරම් කාරයින්ගේ සන්තෝසම් මුදල් වලින් අතමිට සරු කර ගන්න අය. ඒ නිසා මොන විදියකින්වත් මේ ජාවාරම් මැඩපවත්තන්න අසීරුවෙලා තියෙනවා.

:       0       20

Hashan sanjula nicholas Saturday, 07 December 2024 09:12 AM

එල්ලුම් ගේන්න ඕනා මේ වගේ පාහරයන්ට

:       1       33

ජනක Saturday, 07 December 2024 09:19 AM

බහුතරයක් පෙදරෙරුවෝ කියනෙන් හරිම කාලකන්නි ටිකක් , දවසකට 5000 කට වැඩිය වැඩ කුලිය ගන්නවා , හැමදාම කොහේ හරි වැඩත්තියනව , එත් හම්බවෙන හැම සතේම බීමට නස්තිකරනව

:       0       43

Bunny Preena Saturday, 07 December 2024 09:29 AM

පව්කර මව්පියන් යටතේ ජිවත්විම අහිංසක දරුවන්ගේ ඉරණම මෙසේ විම බෙහොම කනගාටුදායක කරුණක්

:       1       34

බකල ජයා Saturday, 07 December 2024 10:16 AM

ජිවිතාන්තය දක්වා හිරේ යවන විදිහේ සුළු දඬුවමක් දෙන්න ඕන.

:       0       24

fairoosr Saturday, 07 December 2024 10:49 AM

මෙහෙමත් නරුමයන්

:       0       23

Rohana Saturday, 07 December 2024 02:43 PM

තමන්ගේ දරුවාට වඩා මත්කුඩු ලොකුවුණු අධමයා. මේ වගේ අපරාධවලට උපරිම දඬුවම් දිය යුතුයි. මහා පරිමාන මත් ජාවාරම්කරුවන් අල්ලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දියයුතුයි.

:       0       18

චමින්ද Saturday, 07 December 2024 02:58 PM

තව බාර් පර්මිට් ටිකක් දුන්නා නම් හරි. මේ වගේ අපරාධවලට අවුරුදු 76ක් රට පාලනය කරපු අවස්ථාවාදී, කාලකණ්ණි දේශපාලුවෝ වගකියන්න ඕනේ...!

:       7       15

nalin Saturday, 07 December 2024 03:19 PM

මිනිසුන් නරුමයින් කරන මත්කුඩු, අනේ ජනාධිපතිතුමනි කෙසේ හෝ මේ මත් රකුසාගෙන් අපේ රට ආරක්ශා කරලා දෙන්න. මේ මත් රකුසා හින්දා මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවාද? මොකද මිනිස්සු හම්බකරන සල්ලි ඔක්කෝම මත් කුඩු වගේ එව්වට වියදම් කරනවා. තරුණ ජීවිත නිකරුනේ නාස්ති වෙනවා මේ මත් කුඩු නිසා...!

:       1       16

upulSaturday, 07 December 2024 07:20 PM

බය වෙන්න එපා... එතුමා තියන ඔක්කොම බාර් වහනවා. ඔයාලත් කුඩුවලට පුරුදු වෙන්න. දැක්මක් නැති ජවිපය රට කාලා වතුර බීලා නතර වෙන්නේ...

:       8       3

ගමේ එකාලා Saturday, 07 December 2024 03:21 PM

මාකෙවිට පැත්තේ කසිප්පු පොලිතින් පැකට්වල දාලා විකුණන්නේ. බොන එවුන් දුක් විඳිනවා. විකුණන අය සැප විඳිනවා. පොලිසියෙන් ඇල්ලුවාට වැඩක් නැහැ. පගාව දීලා බේරිලා ඇවිත් ආයේමත් ඒකම කරනවා...

:       1       13

ලක්ප්‍රිය Saturday, 07 December 2024 03:54 PM

ගම්පහ නගරය මැද තියෙන මාර්කට් එකේ, ගම්පහ - ජාඇල බස්නැවතුම්පොලේ (මෝලවත්ත අසල) , ගම්පහ - මිනුවන්ගොඩ බස් නැවතුම්පලේ පොදු වැසිකිළිය අසල ප්‍රසිද්ධියේ කසිප්පු විකුණනවා. හැමතැනම පොලිතීන් උර.

:       0       11

soma Saturday, 07 December 2024 04:47 PM

මත් වතුර මත් කුඩු මුදලාලිලාට පොලිසිය යටයි කියලාද කියන්නේ...?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 41 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site