(ෂේන් සෙනෙවිරත්න සහ යොහාන් භාසුර)
මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල්වලත් අද වන විට සිදු වෙන බවබෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ.
මෙයින් පිළිබිඹු වන්නේ මුළු සමාජයම පරිහානියට පත් වී තිබෙන බව යැයිද අප ප්‍රයත්නයන් දරන්නේ මේ සමාජය යහපත් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සමාජයක් බිහි කිරීමට බව ද උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවසීය .
විශ්වවිද්‍යාලය තුළ විනය කඩකළ ශිෂ්‍යයන්ට එරෙහිව ගත යුතු විනයානුකූල පියවර අප ගන්නවා . මේ වන විටත් ශිෂ්‍යයන් 30 කගේ පන්ති තාවකාලිකව තහනම් කොට තිබෙනවා .
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ගෙන් කරුණු දැන ගැනීමටයි අප අද මෙහි පැමිණියේ .
අප මේ ආකාරයට මහනාහිමිවරුන් සිවු නම හමුවි අවශ්‍ය උපදෙස් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කියලයි මහනාහිමිවරුන් අපට උපදෙස් දුන්නේ .
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත් රකුසා ළමා පරපුර බිලි අරන්
පුරවැසියෙක්..... Friday, 23 December 2022 07:47 PM
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සිසුවියන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ඊට වගකිව යුතු වුන්ගේ ශිෂ්‍ය භාවය මුලුමනින්ම අහෝසි කිරීමට පියවර ගත යුතුයි...
කසුන් Friday, 23 December 2022 11:09 PM
විනය තකා පියවර ගැනීමට උන්නාන්සේ දක්ෂයි.
Sharn Saturday, 24 December 2022 11:06 AM
මෙච්චර දෙයක් දැනගෙනත් ඇයි මාධ්‍යයකින් ඕවා එළියට දානකම් ඇස්කන් පියාගෙන හිටියේ...? තමන්ට බලයක් තිබුණේම නැද්ද? කොයි දේටත් වගේ... ඇයි දැන් ඒකටත් මහනායකවරු පස්සේ යන්නේ?