
(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට විවේකය ලබා සිටි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
ඉහත නිවසේ සැකකටයුතු පුද්ගලයින් පිරිසක් රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රියේ නිවස වටලා සෝදිසි කර තිබේ.
එහිදී එහි සිටි එක් පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2100 ක් සහ ඩ්ජිටල් තරාදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසියේ සඳහන් කරයි.
එම නිවසේ තවත් සිව් දෙනකු සිට ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ අතර මෙම උප පොලිස් පරීක්ෂකවරයාද සිටි බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරම්කරුවන් සමඟ සිටි එස් අයි ඇතුළු පහක් අත්අඩංගුවට