(ගයාන් සූරිය ආරච්චි)
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් තිදෙනෙකු බෙලිමුල්ලලේ දී කේරළ ගංජා තොගයක් හා බී.ඩි. කොල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
වයස අවුරුදු 19, 22 හා 53 වයසේ පසුවන අව්ස්සාවේල්ල, පල්ලේවෙල හා කලගෙඩිහේන යන ප්‍රදේශයන් වල පදිංචි පුද්ගලියන් තිදෙනෙකි.
කේරළ ගංජා කිලෝ 10, ග්‍රෑම් 714 ක්, බී.ඩි. කොල කිලෝ 02, ග්‍රෑම් 499 හා මන්නා පිහියක්, කැබ් රථයක් හා ජංගම දුරකථන 02 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු බෙම්මුල්ල පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd