(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙරට 33 හැවිරිදි කාන්තාවක නමින් තිබූ රුපියල් කෝටි හතර හමාරක බැංකු ගිණුම් තහනමට ලක් කළ බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
එලෙසම එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබූ රුපියල් 18 ලක්ෂ 75000 මුදලක් ද තහනමට ලක් කළ බව පොලිසිය පොලිසිය සඳහන් කරයි.
2021 ජුලි 30 වෙනි දින හොරයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් හා රුපියල් 18 ලක්ෂ 75,000 ක මුදලක් සමග අඟුලාන පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම කාන්තාව නීති විරෝධී ආකාරයෙන් උපයාගෙන ඇති දේපළ හා වත්කම් සම්බන්ධයෙන් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශනයක් සිදුකිරීම සඳහා අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට "පාර්ලිමේන්තුවේ සැඟව සිටිනවා" කියලා සමහරු "චෝදනා" කරන අයගේ වත්කම් ගැන බලන්නේ කවද්ද?