(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට පහරදී ගිනි තබා විනාශ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් ගණනාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
එම කණ්ඩායම් සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනාගැනීම දැනටමත් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
එසේම මෙම ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවූ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිසිය මහ ජනතාවගේ සහායද අපේක්ෂා කරයි.
මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළ වලට හානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් ප්‍රධානීහු පැවසූහ.
පසුගිය දිනවල ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා සිද්ධීන්වලින් මැති ඇමැතිවරුන් තිස් පස් දෙනකුගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.
එම ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලින් විනාශයට පත්වූ වාහන සංඛ්‍යාව දෙසියයකට ආසන්නය.
මේ දේපළ විනාශ සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් රැසක් පොලිසියට දැනටමත් පැමිණිලි කර ඇත.
මේ අතර කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනය ආශ්‍රිතව සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන අරඹා ඇත.
එම ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් හඳුනා ගැනීමටද පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අරගල කරුවන්ට පහර දීපු අයට වැඩ වරදින්නේ නැද්ද?
අනිවාර්යයෙන් හොයලා ඔවුන්ගෙන් ඒවා අයකරගන්නත් ඕනෑ. වීරයින් වගේ එයාපෝර්ට් එකේ පාරේ වාහන චෙක්කරපු කුඩු සෙට් එක අල්ලන්නත් ඕනේ. මේ අය ටුවරිස්ට්ලා දෙන්නෙක් දාන්න ගියා. පණ බයේ. ආයේ මේ රටට එයිද?
ඒවා හම්බකළ ආකාරය විගණනය කළ යුතුයි ...
ඒවා උපයාගත් ආකාරය විගණනයට ලක්කළ යුතුයි...
අපරාදේ කියන්න බැහැ.. මහන්සි වෙලා සාධාරණෙන් හරි හම්බ කරගෙන හදාපු ගෙවල් කියලා ඒවා දිහා බැලුවාම පේනවා...
මැරෙනතුරු උත්සවාකාරයෙන් සමරන්න ඕනේ දවසක් මැයි 10 කියන්නේ...
මැති ඇමැති රටේ ජනතාවගේ සල්ලි හොරාකාලා ගත්තු දේපළ... ඒවා ගැන හොයන්න ඕනෑ නැද්ද?
එතකොට ගෝටා ගෝ සහ මයිනා ගෝ ගම්වලට ගහලා කොල්ලන්ව මරපු අය හඳුනාගන්න පරීක්ෂණ නැද්ද? උසිගන්නපු අය පළාත් සභාවල මැරයින් ඇස් පියාගෙන හිටපු පොලිසියේ අය අත්අඩංගුවට ගන්නේ නැද්ද?
9 දා උදේසිටම වැරැදි කරුවන් සියලු දෙනාම නීතිය හමුවට ගේන්න.
මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනිතබා විනාශ කළ අය අත්අඩංගුවට ගන්නා සේම ඔවුන් එම දේපල සඳහා මුදල් උපයාගත් ආකාරය විගණනය කළයුතුයි. ඒකටයි විනිවිදභාවය කියන්නේ... නීතිඥවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ සංගමයේ අවධානයට. මෙය කළයුතුම දෙයක්...!
මිරිහාන බස් එක ගිනිතිබ්බ කෙනා තාම හොයාගන්න බැරුව දඟලනවා.