(අජන්ත කුමාර අගලකඩ)
සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇත.
මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වූ හානිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බැවින්, ඒ සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය ට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇතැයි හිටපු වරාය හා නාවික ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය .
ඉකුත් මැයි මස නව වැනි දා ඇතිවූ සිද්ධියෙන් පසුව කඩාකප්පල්කාරීන් විසින් මැති ඇමැතිවරුන් අසූවකගේ පමණ නිවාස ගිනිතබා විනාශ විනාශකර ඇතැයි ද,ඒ සම්බන්ධයෙන් සාධාරණයක් තවමත් ඉටුවී නැතැයි ද ඔහු සඳහන් කළේය.
තමන් ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් මෙරට පිහිටි තානාපති කාර්යාල ද දැනුවත් කළ බව ඔහු සඳහන් කළේය
නිවාසවලට සිදුවු හානිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ එකතු කරගත්තු සල්ලිටික ස්විස් බැංකුවේ තැන්පත් කරන්න යනවා ඇති...
ඔබලා ඡන්ද වලට කෝටි ගණන් වියදම් කරපු විදියත්, ඔය කෝටි ගණන් දේපල හම්බ කරපු විදියත් ජිනීවා ගිහිල්ලා කියන්න. එතකොට ඔබලාට සාධාරණයක් ඉෂ්ඨ වේවි...
යන්න යන්න ජිනීවා... එහෙන් ගෙවල් දොරවල් හදල දෙයි...
එහෙම නවතින්න ගෙයක් ඉල්ලා ගන්න.
මේ අයට සලකපු හැටි හොඳටම මදි...
එතකොට සාමකාමීව කට්ටියට පහරදීම් කළ අයට ජීනිවා මොකද කරන්නේ..? මෙහෙයවපු කට්ටියගැන විතරමද බලන්නේ...
කරුණාකර ඔන්ලයින් එකෙන් කරන්න. ඔබලාගේ විදේශ සංචාර රටට මහා බරක්..
ඒ එක්කම අප්පගේ ගේ වටේ ගහලා තියෙන ගල් බැම්මට කොච්චර ගියාද කියලත් කියන්න කොල්ලෝ...
ජිනීවා වලින් නම් තමුන්නැහැලාව සාදරයෙන් පිළිගනීවි...
ගෑස් ටැංකි පිපිරිලා ගිනිගත් ගෙවල් සහ මියගිය අයගෙ වන්දි ගෙවලා අවසන් වුණාට පසුව ගියා නම් තමයි හොඳ...
අපේ ගෙවල් ගිනි තිබ්බේ අපි හොරාකාපු හින්දා කියන්නත් අමතක කරන්න එපා මහත්තයෝ..!
ජිනීවා යන්න ඩොලර්.. ඔවුන්ට උපයන්න පුළුවන්ද? අනික ගිනිතබන ලද දේ තමන් සාධාරණ ලෙස උපයාගත්තා කියලා කී දෙනෙකුට සහතික විය හැකිද? කොහොමත් නැවත මන්ත්‍රීකම් නම් නැත.
පට්ට මෝඩයින් ටිකක්. ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන්නේ... උගත් බුද්ධිමත්, අවංක දේශපාලනඥයින් නොව... දේශපාලනයට පැමිණීමට කලින් රෑට රෑට කුකුල් හොරකමේ ගිය, හොර පොල් කඩන්න ගස් බඩගාපු පට්ට මෝඩයින් බව මේ මුළු ලෝකයම දන්නවා. පසුගිය මාසේ 10 වෙනිදා වෙනකොට ඇත්තම සිද්ධියේ සියලුම වීඩියෝ, ඡායාරූප, ජිනිවාවල මානව හිමිකම් ආයතනය වෙත ලැබිලා තිබුණා. ඒ ගොල්ලෝ ඒවා සියල්ල නරඹලා වැරැදිකාරයින්ව තීරණය කරලාත් ඉවරයි. දැන්... අරගලයට ගහන්න චණ්ඩින් සෙට්කරපු ඔවුන් ජිනීවා යනවලු.. ඔවුන්ගේ දුක කියන්න... අරගලයට ගහන්න චණ්ඩින්ට කන්න බොන්න දීලා, ඔවුන්ව උසිගන්නපු නාකි මයිනාව අද වෙනකම් පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේ නැහැ. එයින්ම ලෝකය වටහාගෙන අවසානයි... වැරැදි කාරයින් කවුද කියලා...
රටේ ජනතාවටත් ජිනීවා ගිහින් කිව්වා නම් හරි පාලකයෝ රට බංකොළොත් කරලා රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ කියන එකත්...
යන්න පවුල් පිටින්ම... ආයෙ මෙහෙ ආවට කමක් නේ..
ජිනීවා හොඳට දන්නවා අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන හැටි...
රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තිබියදී මේවා මොනවද?
අරගලයට ගහපු බයියන්ව එබුවේ බේරේ වැවේ. මේ බයියන් ජිනීවා ආපුවාම අල්ලලා ඔබනවා ජිනීවා වැවේ. එන්න.. එන්න අපි බලාගෙන ඉන්නවා. මදි නොකියන්න සම්බෝල දෙන්නම්. දීලා ජිනීවා වැවේ ඔබලා ගන්නම්. ඒ වීඩියෝ ටිකත් ලංකාවට එවන්නම් කාටත් දැනගන්න. විශේෂයෙන්ම මයිනාට, ගෝඨාට අනිවාර්යයෙන්ම එවනවා. අපරාධ පරීක්ෂණ අංශයට එකක් එවන්නම්. අපිව අල්ලලා කට උත්තර ගන්න ඒරොප්පේ තමයි එන්න වෙන්නේ. හැබැයි ඒරොප්පේ බැහැ ලංකාවේ පොලිස් පාට්...
ඔය මන්දිර හදන්න රාජ්‍ය ධනය මහා පරිමාණයෙන් හොරාකාපු හැටි, කොමිස් ගහපු හැටි, කප්පම් ගත්තු හැටි, වැලි ලොරි වලිං, පස් ලොරි වලිං තර්ජනය කරලා සල්ලි කඩාගත්තු හැටි, ව්‍යාපෘති සඳහා ලබාගත්තු විදේශ ණය තමන්ගේ ගිණුම්වලට දාගත්තු හැටි, විදේශවලින් දෙන ලද සුනාමි ආධාර තමන්ගේ ගිණුමවලට බැරකර ගත්තු හැටි, විදේශගත ලාංකිකයින්ගේ ගේ දොර, ඉඩකඩම් මංකොල්ල කාපු හැටි තව බහෝ ප්‍රශ්නවලට උත්තර ලෑස්ති කරගෙන යන්න. එහෙමෙහෙ වගේ දේශපාලන තගදාලා පරීක්ෂණ නිලධාරීන්, නීති නිලධාරින් ලවා තමන්ට ඕනි ආකාරයට තීන්දු තීරණ ලබාගන්න ලැබෙන්නේ නැහැ. හරියට අර බැසිල් රාජ්‍ය ධනය මංකොල්ල කාලා හදපු මල්වානේ නඩුවෙන් එයා නිදහස් වුණා වගේ දේවල් එහෙදී බැහැ...