( ප්‍රසන්න පත්මසිරි)
මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වල සේවකයින් රාජකාරි වේලාවෙදි එකම මුඛ ආවරණය දෙපැත්ත පරිහරණය කීරීමක් සිදුකරන බව සිරිගල රෝහලේ විශෙෂඥ වෛද්‍ය පද්මක සිල්වා මහතා පැවසීය.
රෝහල් කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නොමැති වීම මෙයට මුලික හේතුව බව වෛද්‍ය වරයා පෙන්වා දෙයි.
නමුත් තියෙන මුඛ ආවරණය නිසි ලෙස පරිහරණය කරන ලෙස පද්මක සිල්වා මහතා රෝහල් සේවකයින්ගෙන්
ඉල්ලි සිටිති.
එසේ නොවුනහොත් ජනතාවත් එය අනුගමනය කළ හැකි බවද වෛද්‍ය වරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක සම්පූර්ණ වැරදියි. ඔබ එසේ කරන්නේ ඇයිද යන්නයි නොතෙරුම... මන්ද ඔබ පලමුව බාහිරයට පැලඳපු පැත්තේ විෂබීජ තැවරිලා තිබුණේ නම් ඔබ ලබන ප්‍රතිඵලය භයානකයි.
පසු ගිය දිනවල මුඛ ආවරණ වැඩි හරියක් පාවිච්චි කලේ ඒවා අනවශ්‍ය අය සහ අවශ්‍ය නොවන අවස්ථාවල! - දැන් එය හිඟවීම පුදුමයක් නොවේ!!!. මුඛ ආවරණ යම් කිසි ප්‍රමාණයක් රටේ තැන් තැන් වල ඉතිරි වි ඇත්නම්, ඒ ගැන සොයා බලා ඒවා ප්‍රවෙසම් කරගන්න...
මේ වැඩේ නම් එතරම් නුවණක්කාර දෙයක් නෙවේ. මුඛ ආවරණ පැළඳීමෙන් තමන්ගේ විෂබීජ පිටතට යාම වැලක්විමත් පිටත වාතයේ ඇති විෂබීජ එම ආවරණයේ තැවරිමත් සිදුවන නිසා එය කිසිසේත්ම දෙපැත්තම භාවිතා කල හැකි දෙයක් නෙවේ. මුඛ ආවරණ පැළඳීමට වඩා අනෙක් කෙනෙකු අතර මීටරයක දුරකින් සිටීමත්, ගමනක් ගොස් ආපසු ඇඳුම් පැළඳුම් අව්වේ වේලා ගැනීමත්, නිතර අත්දෙක සබන් යොදා ගලායන ජලයෙන් සේදීමත් නොසේදු අත් වලින් මුහුණ ප්‍රදේශය අත පත නොගා සිටීමත් ඉතාම වැදගත්.
වයිරස් ශරීරය ඇතුලේ! කොහෙන්ද ඔය අලුත් ක්‍රමේ ඉගෙන ගත්තේ.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මෙවැනි ගැටලුවක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන අතර ප්‍රමාණවත් තරම් ස්ර්චිකල් ෆේස් මාස්ක් තොග මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සතුව ඇත. එමෙන්ම රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා රෙදි මුඛ ආවරණ රෝහල මගින්ම මසා නිමකර කාර්ය මණ්ඩලය වෙත බෙදා දී ඇති බැවින් ඉහත ලිපියේ සඳහන් ගැටළුවක් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ උද්ගත වී නැත.