IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මැණික් ජාවාරමකින් කෝටි ගණනක බදු මුදලක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

චීන, තායිලන්ත ජාතිකයින්  අයථා මුදල් යොදා ගනිමින්  මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම අයථා අන්දමින්  මිලදී ගැනීමේ  ජාවාරමක්  හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක  අපේක්ෂිත බදු මුදල් නොලැබෙන තත්වයක් පවතින  බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

රජයට නිසි පරිදි බදු මුදල් ගෙවමින් සාධාරණ ලෙස සිය ව්‍යාපාර පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට මේ හේතුවෙන් අසාධාරණයක් සිදුවන බවද  එහිදී තොරතුරු හෙළිවිය.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආනයනය, අපනයනය සහ ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා  ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික සංගම් නියෝජිතයින්, මැණික් සහ ස්වර්ණාභරණ අ‍ධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්, මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම සහ පරිසර) ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ‍විදේශයන්හි  පැවැති කීර්තිමත් නාමය නැවත ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ මැණික් අපනයනයෙන් සහ ප්‍රතිඅපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම සාකච්ඡාවේ  ප්‍රධාන අපේක්ෂාවවූ  බව කාරක සභාවේ  සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා එහිදී  පෙන්වා දුන්නේය.

මැණික් ප්‍රතිඅපනයන සඳහා ආනයනය කිරීමේදී පනවා ඇති සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දෙන් එම ක්‍රියාවලිය නිදහස් කිරීමට දැනටමත් සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු  එහිදී පෙන්වා දුන්හ.

මැණික් ප්‍රතිඅපනයනය සඳහා කුරියර් මඟින් ආනයනය කිරීමේදී මෙලෙස සියයට  2.5 ක බදු මුදලක් ගෙවීමට සිදුවුවද ඇමරිකානු ඩොලර් 200ක් පමණක් ගෙවීමෙන් ඉතා විශාල වටිනාකමකින් යුත් මැණික් තොගයක් වුවද අතෙහි ගෙන ඒමට (Hand luggage) හැකි බවද මෙහිදී  තොරතුරු අනාවරණය විය. මැණික් ව්‍යාපාරිකයින්ගෙන් මැණික් අපනයනයේදී ලාභය මත අයකරනු ලබන සියයට  30ක ආදායම් බද්ද පිරිවැටුම මත සියයට  2.5  වශයෙන් අයකිරීමට ඇති හැකියාව සලකා බලන ලෙසද  ‍ව්‍යාපාරිකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.



 



අදහස් (0)

මැණික් ජාවාරමකින් කෝටි ගණනක බදු මුදලක් වතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 216 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site