IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැණික් ගඟේදී හිමිනමකට කිඹුල් ප්‍රහාරයක්

(එම්.කේ.නන්දසේන)

පානදුර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හිමි නමක් මැණික් ගඟේ අංක 02 පාලම අසල තොටුපලේ දිය නාමින් සිටියදී අද (17) රාත්‍රි 8 ට පමණ කිඹුලෙකු ඩැහැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේදී කිඹුලා සමග පොර බැඳීම නිසා හිමි නමගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදුවී කතරගම රෝහල වෙත ඇතුලත් කරනු ලැබිණ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ පානදුර, වෙිරවත්තපාරේ ශ්‍රී විජයාරාමයේ වැඩවසන සීගිරියේ සද්ධාතිස්ස නැමැති 24 හැවිරිදි හිමි නමකි.

කතරගම රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදී ඇති අතර වම් අතේ ඇඟිල්ලකට තරමක තුවාල සිදුවී ඇතැයි වෛද්‍යවරු කියයි.

මීට මාස කීපයකට ඉහතදී සෙල්ල කතරගම දියනාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු ඩැහැගෙන යාම නිසා මරුමුවට පත්වී තිබූ අතර අවස්ථා කීපයකදීම ප්‍රදේශවාසීන්ට සහ වන්දනාකරුවන්ට කිඹුලන් හානි සිදුකර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 



අදහස් (13)

මැණික් ගඟේදී හිමිනමකට කිඹුල් ප්‍රහාරයක්

බද්රානි Friday, 17 February 2023 10:27 PM

කොහොමත් දැන් සත්තු, ලංකාවේ මිනිස්සුන්ට වඩා බුද්ධිමත්. කිඹුලන්ව අපි ආරක්ෂා කරගත යුතුයි.

:       1       6

Senaka Saturday, 18 February 2023 06:35 AM

මේ ස්ථානවල කිඹුලන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා කිසිම ආරක්ෂක වැඩපිළිවෙලක් හෝ අඩු ගණනේ අවවාදාත්මක පුවරුවක්වත් නෑ. ඒ කාලේ මැණික් ගඟේ කිඹුලන් හිටියේම නෑ. මිනිසුන් ගඟක, ඇලක නාද්දී අසල්වාසීන්ගෙන් ඒ ස්ථානය ගැන අහලා බලලා ඒකට බහින එක තමයි හොඳ.... දැන් කිඹුල් ගහනය වැඩිවෙලා. ප්‍රවේසමෙන්...

:       0       42

Lilananda Saturday, 18 February 2023 06:37 AM

ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා...! ජීවිත හානියක් වීමට පෙර අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ගේ අවධානය යොමු වේවා...!

:       2       27

පිටිගල මිලානෝSaturday, 18 February 2023 01:42 PM

පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටියා නම් මේ කරදර නෑනේ….

:       24       7

රමණිSaturday, 18 February 2023 10:09 PM

ඇල්පිටියේ පිටිගලට වෙලා දන්නා ගොවිතැන කටින් හිටියා නම් ඉවරයිනේ... මේ නොදන්නා මිලානෝ කෙහෙල්මලක ඉන්නවා කියලා හැමදාම තෙපර බාන්නේ නැතිව ඉන්න... වැදි බණ තමයි.

:       1       2

පැරකුම් Saturday, 18 February 2023 06:47 AM

අසීමිත ආදායම් ලබන සිද්ධස්ථානයක් තම වන්දනා කරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි...

:       3       8

පිටිගල මිලානෝ Saturday, 18 February 2023 11:36 AM

සෙල්ල කතරගම මැණික් ගඟේ අඩි දොළහක් පමණ දිග දාර කිඹුලෝ ඉන්නේ. වැඩුණු මිනිහෙක් එක කටකට ඇති...

:       12       8

චාන්දනීSaturday, 18 February 2023 05:29 PM

මිලානෝ අයියා ළඟ නම් දාර කිඹුලෙක් නෑ කියලා මිලාන් අපි දන්නවා...

:       0       0

hemantha Saturday, 18 February 2023 02:23 PM

මිලානෝ සිට දැක්කේ කොහොමද?

:       1       16

සේතුහාමිSaturday, 18 February 2023 03:11 PM

ජෙප්පන්ගේ බොරු කීමේ මහිමය තමයි ඉතින්. මේකා මිලානෝ කියලා නමේ ගහන් හිටියාට කොහේ හරි ලංකාවේ කැලේක ඉන්න දාර ජෙප්පෙක්...

:       3       11

ලේක්කෝ ගලබඩSaturday, 18 February 2023 06:58 PM

පිටරට ඉන්න අය ඔයා වගේ නෙවෙයි. ලංකාවට ආවම හරීයට ඇවිදින්න යනවා. ඔයා වගේ බයියන් කරන්නේ බයියන්ට කතිරේ ගහලා දෙන බත් පැකට් එක කාලා අරක්කු කාලක් බීලා ඔහේ ඉන්නවා අතේ සතේ නැතුව.... ඉතින් කිඹුලන් දකින්නේ කොහොමද?

:       0       0

kapila Saturday, 18 February 2023 05:45 PM

වල් අලින්, ඌරන්, කිඹුලන් වැනි සතුන්ට ස්වාභවික ආහාර දාමයේ විලෝපිකයින් නොමැත. එබැවින් උන්ගේ ගහනය පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකළ යුතුයි.

:       0       0

Chanaka Saturday, 18 February 2023 08:22 PM

කිඹුලා අල්ලලා දියවන්නාවට දාන්න ඕනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site