(අමදෝරු අමරජීව)
තවමත් විවෘත කර නොමැති මඩකලපුව විශ්ව විද්‍යාලය ෂරියා උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් නොවන බවත්, අරාබි ඉස්ලාමීය විශ්ව විද්‍යාල සමග කිසිඳු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, එවැන්නක් අනාගතයේ අත්සන් කිරීමට කිසිදු අභිප්රායක් නොමැති බවත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්.එම්.හිස්බුල්ලා මහතා කියයි.
ඉස්ලාමිය ආගමික අන්තවාදින්ගේ ප්‍රහාරවලින් පසුව මඩකලපු විශ්වවිද්‍යාලය ඉස්ලාමීය අන්තවාදය ඉගැන්වෙන ෂරියා උපාධි පිරිනැමෙන විශ්ව විද්‍යාලයක් බවට විවිධ පාර්ශව කරණ ප්‍රකාශ වලට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයාගේ අත්සනින් නිකුත් කල නිවේදනයක මේ බව දැක්වේ.
ප්‍රධාන වශයෙන් මෙම විශ්ව විද්‍යාලය තුලින් තොරතුරු තාක්ෂණය, තාක්ෂණ වේදය,කළමණාකරණය, කෘෂිකර්මය යන විෂය ක්ෂේත්රවල උපාධි පාඨමාලාවන් මේ මගින් පැවැත්විමට නියමිත අතර අධ්‍යාපන සහයෝගිතාවය හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සදහා එක්සත් රාජධානිය, මැලේසියාව යන රටවල විශ්ව විද්‍යාලයන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව මෙම නිවේදනයෙන් අවධාරණය කරයි.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සහ ශ්‍රි ලංකා සමාගම් පනත යටතේ ස්ථාපනය කරන ලද මෙම විශ්ව විද්‍යාලය උපාධි ප්රදානය කිරිමේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයක් ලෙස අප රටේ අධ්‍යාපනය දියුණු කිරිම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරිමට 2015.ජුනි 03 දින අයදුම් කර ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.
මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා පොලොන්නරුවේ පූනානි ප්‍රදේශය තෝරා ගත්තේ සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි සියලු ජනවර්ගවල සිසුන්ට පහසුවෙන් ලඟාවීමට බවද කියයි. මෙහි උපකුලපති, පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, කාර්යමණ්ඩල සියලු ජන කොට්ඨාස නියෝජනය කරන බවද මෙම නිවේදනයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිතුල් ගහට නැග්ග මිනිහාත් කිව්වලු තණකොළ කපන්න ගියා කියලා! අපි නොදන්නවාද ඇත්ත නැත්ත මොකක්ද කියලා !
මොහුගේ බොරුවලට රැවටෙන්න එපා. මේක එකම අරාබි මුහුණුවර තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයයි. සයිටම් එපානම් මේවත් එපා.
ලංකාවේ අනික් විශ්ව විද්‍යාල වල පෙරටුගමියෝ බින්න බැහැල ඉන්න ආකාරයට මුස්ලිම් විශ්ව විද්‍යාල හැදුවොත් අනිවාර්යයෙන් ඒවා ඇතුලේ isis එක බින්න බහිනවා, එතකොට අවුරුද්දකට ත්‍රස්තවාදීයෝ දුසිම් ගණනක් ඕවගෙන් බිහිවෙන්න පටන්ගනිවී. ඊටපස්සේ මේ රටේ ජිවත් වෙන්න ලැබෙන එකක් නැහැ. මහා විනාශයක වෙන්න පෙර ඕක නවත්වල දමන්න. මේක මුස්ලිම් රටක් නොවේ, වැඩි දුර මුස්ලිම් අධ්‍යාපනය ලබන්න කැමති කෙනෙකුට සවුදියට යන්න කියන්න
දැක්කම පේනවා මොකක්ද කියල
එතකොට මේ මිනිස්සු ඔක්කොම කිව්වේ බොරු. බලන්න හොඳ වැඩක් කරනකොට මිනිස්සු අකුල් හෙලන විදිය
මරු කෙනෙක්නේ කියන්නේ... දොහොත් මුදුන් දී පිළිගත්තු කාලේ ගියා... එකම ගොන් වැඩේ ආයෙත් කරන්නෑ අපේ මිනිස්සු...
ජාතීන් වශයෙන් වෙන්වූ විශ්ව විද්‍යාල කිසිම විදිහකින් මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අය හදන්නේ මේ වෙලාවේ ආපහු සිංහලයව රවට්ටන්න. අනිත් ඒවගේ හැම ජාතියකම ළමයි ඉගෙන ගන්නවනම් මොකටද මේ අයට වෙනම ඒවා??
මේවා විශ්ව විද්‍යාල වෙන්නේ කොහොමද ප්‍රතිපාදන කොමිසන් එකේ අනුමැතියක් තවම දීලා නැතිකොට
පෞද්ගලික සමාගමක් හැටියට ලියාපදිංචි කර ඇති මේ ආයතනය "විශ්ව විද්‍යාලක්" ලෙස නම්කර කතා කරන එක වැරදි වැඩක් කියල නේද කියන්නේ? මේ වැඩේ "සයිටම්" ආයතනයට වැඩිය වෙනස් වගේම රටේ අනාගතය භයානක පැත්තකට යොමු කරන එකක් බව පෙනී යන බව කියන නමුත් "සයිටම්" කියල එකක් පවත්වාගෙන ගිය එක ගැන සමහර උදවියට තිබුන අලි කුලප්පුව මේක ගැන නැත්තේ මොකද දන්නේ නැහැ.
මෙම පින්තූරයෙන්ම මෙය ජන වර්ග වලට පොදු ස්ථානයක් නොවන බව හැඟවේ. මෙය තාක්ෂණික හෝ කලා විෂයන් සඳහා වූ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් බවට හරවන්න. කිසිදු ආගමක් ඉගැන්වීමට ඉඩ නොදෙන්න .
අපෝ ඔව්. අපිට සෑහෙන්න විශ්වාසයි ඔබතුමා ඇතුළු ඇමති නඩේ. තණකොල කපන්න කඩු ගෙනාපු කට්ටියනේ .
ඔබලා කියන දේවල් විශ්වාස කරන්න ලංකාවේ අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ?
එතකොට ලංකාවේ තියෙනවද කතෝලික විශ්වවිද්‍යාල හරි බෞද්ධ විශ්වවිද්‍යාල හරි දෙමල විශ්වවිද්‍යාල කියලා වෙන් කරලා විශ්වවිද්‍යාල? මොකටද මුස්ලිම් කියල විශ්වවිද්‍යාලයක් ලංකාවේ හදන්නේ එහෙනං. ඕකෙන්ම පේනවනේ මේ අයට ඕනේ ඒ අයගේ අය විතරක් වෙනමම උගන්නන තැන්
ඔහොම තමයි මුලින් කියන්නේ
මෙම ගොඩනැගිල්ල නැගෙනහිර ආරක්ෂාවට හමුදා මුලස්ථානයක් කිරීම වටිනවා......
කරුණාකර තවත් බොරු කියන්න එපා. පිටරට ඉන්න ලාංකිකයන් ලේ පිච්චි පිච්චි ඉන්නවා තමන්ගේ පවුල් වල මිනිස්සු යහතින්ද ඉපදුන රටේ මිනිස්සු ආපදාවක් නැතිව ජීවත් වෙනවාද කියලා . මුන්දලා කියන සුරංගනා කතා ඇහුණාම ඊළඟ ගුවන් යානයේ නැගලා ඇවිත් දෙකක් කියන්න හිතෙනවා.
පසුගිය දවස් වල බෝම්බ පුපුරවගනිපු මිනිස් බෝම්බ වල මොල හෝදල තියෙන්නෙ මේ වගේ ආයතන වලින් තමයි. මෙයාල දෙන්නෙ ත්‍රස්තවාදය පිළිබඳ උපාධි කියල කියන්න ඕනෙ....... අන්තරේ මොකද දන්නෙ නෑ, තාම නොදැක්ක වගේ ඉන්නෙ....? සමහරවිට මේවගේ ආයතන එයාලගේ අභිප්රායන් එක්ක සමාන්තරව යනව වෙන්න ඕනෙ.
මෙය වහාම රාජ සන්තක කල යුතුයි. මෙච්චර කල් බලාගෙන හිටියා හොදටම ඇති. ඔක්කොම රජයේ කර්මාන්ත ටික මුස්ලිම් ඇමති යටතේ, මෙයා විශ්ව විද්‍යාලයක් හදනවා. ඊට පස්සේ මේකෙන් උපාධි අරගෙන එලියට එන මුස්ලිම් අයට රාජ්‍ය ආයතන වල රැකියා දෙනවා. ඔන්න ඕක තමය ප්ලෑන් එක. වර්තමාන නායකයොන්ට මේවා නොතේරීම ගැන කනගාටුයි.
අපි ප්‍රශ්න කළ යුත්තේ මෙය විශ්ව විද්‍යාලයක්ද, කාර්මික විද්‍යාලයක්ද එසේ නැත්නම් මොන අන්දමේ ආයතනයක්ද යන්න නොවෙයි. මේ සංකිර්ණය තුළ මොනවද කරන්න යන්නෙ කියායි. ආයතනයක නම හො නම සඳහන් බෝඩ් ලෑල්ල ඒ් තරම් වැදගත් නොවේ. පල්ලි ඇතුළේ බෝම්බ හදනවානම්, කඩු කිරිච්චි මුවහත් කරනවා නම් මේ වගේ තැන් ගැන කුමන කතාද?
ඉස්සරහා හිටවලා තියෙන රටඉඳි ගස් වලින්ම ඇත්ත පේනවා.
ඉස්ලාමික් ගෘහ නිර්මාණ
මෙම ගොඩනැගිලි අග්නිදිග විශ්වවිද්‍යාලයට පවරන්න. එහි තාක්ෂණ පීටයට ගොඩනැගිලි නැහැ කියල ළමයි උද්ගෝෂණය කල වගේ මතකයි
එහමනං පහුගිය රජය කාලේ ඩලස් සමග මොන ගිවිසුමට අත්සන් තැබුවේ?
වෙනම ජන වර්ගයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් මේ රටට කොහොමටවත් උවමනා නැහැ. මේ ගොඩනැගිල්ලේ පරිසරය අනුව මේක පුංචි අරාබියක් කරන්න හදන බව පේනවා. වහාම මොහු අත් අඩංගුවට ගෙන ඔහුගේ කටයුතු ගැන පරීක්ෂා කල යුතුයි. ආණ්ඩුව පමණක් නොව ජනාධිතිවරයාත් සහාය දෙන බවයි පෙනෙන්නේ!
නිකම් කුඩු ගිනි තිය තියා බොරු සංදර්ශන දාන සිරිසේන ට මෙන්න කරනවානම් වැඩක්. මේක රජයට පවරාගෙන, අපේ රටේ අනෙක් විශ්වවිද්‍යාල විදියට පවත්වාගෙන යන්න.
මොන මගුලකටද මේ වගේ විශ්වවිද්‍යාලයක් මේ රටට
මෙම ගොඩනැගිල්ල රජයට පවරාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස අග්නිදිග විශ්වවිද්‍යාලයට පවරන්න.
මෙය රටටම හානියක් දැන්මම මෙය ඉවත් කල යුතුයි.