
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී අයුරින් විවිධ උපාංග සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය කියයි.
බස්රථ පනහකට අධික ප්‍රමාණයක් පොලොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ දී විවිධ ආලෝක ධාරා දල්වමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල සැරිසැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් රථවාහන මූලස්ථානය එම බස් රථ වල හිමිකරුවන් සහ රියදුරන් කොළඹට කැඳවා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව රථ වාහන මූලස්ථානය කියයි.
ජපන් ලමිස්සි, දුඹුරු ලමිස්සි, රෝස සමනලී, සුරංගනාවි කිඳුරංගනා වී දම් රැජින සහ සොනික් ආදී අන්වර්ථ නම් රැසකින් යුත් බස් රථ වූ බව පොලිසිය කියයි.
රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් සිවුදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියටම අධික ශබ්දයන් සහිත බෆල්ලුත් ගලවන්න.
මේ බස් නාලා නැහැ කාලෙකින්.
ගොඩක් අය මේකට පොලිසියට දොස් කියනව....පොලිසිය ජරා වැඩ කරනව... රටේ තව වැරදි තියනව... ඒක ඇත්ත... නමුත් මේකත් වරදක් .. වාහන තියෙන්නෙ ගමනාගමනයට්මි ස සාද වලට නෙවේ... මඟීන්ට , රියදුරුට සරල විනෝදයක් දෙන්න, කම්මැලි කම යන්න, පොඩි කැසට් එකක් තිබීම වරදක් නොවේ.. නිෂ්පාදන ආයතන පවා සවි කරනවනෙ.... මේව එහෙම ද... මේ සියළු අමුතු තොරන් මාර්ගය වල ධාවනය තහනම් කළ යුතුයි ....!