IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝටර් වාහන පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

මෝටර් වාහන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉ- මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය  ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  අන්තර්කාලීන විධිවිධාන සැලසීම සඳහා සහ අනුශාංගික කටයුතු සඳහා මෝටර් වාහන පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ අනුව එම කාර්යය සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන ප්‍රවාහන හා  මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



අදහස් (2)

මෝටර් වාහන පනත සංශෝධනයට

abaran Tuesday, 24 October 2023 10:36 AM

අපිට ඕනෑතරම් පනත් සශෝධන ගැන ඇහෙනවා. නමුත් මහජනතාවගේ ඇඟට දැනෙන වෙනසක් නම් පෙනෙන්නේ නැහැ. තාක්ෂණය මේතරම් දියුණුවෙලා තිබියදීත් වහනයක් ආදායම් බලපත්‍රය ගන්න හෝ අයිතිය මාරුවීමක් කරගන්න තවමත් අතන මෙතන කාර්යාල ගන්නේ රස්තියාදු වෙන්න ඕනෑ. මොනතරම් සරල තාක්ෂණයක්ද ඕන... මේ වැඩේ පරිගණක මගින් ඔන්ලයින් හරහා කරගන්න? නමුත් දහස් ගණනක් සේවකයින් යොදවල ඔවුන්ට වැටුප් ගෙවලා දහස් ගණනක් මිනිස්සු රස්තියාදු කරවලා එක එකාට පගා දීලා තමයි තවමත් මේවගේ සරල වැඩක් වුණත් කරවාගත යුත්තේ. ලෝකෙන් උතුම් රට, අපි සීගිරිය හදනකොට සුද්දෝ වැසිකිලි ගියේ කැලේට වගේ පම්පෝරි කියවමින් අපි තව ඔහේ බලාගෙන ඉඳිමු...

:       0       1

චාමර Tuesday, 24 October 2023 10:49 AM

දැන්වත් ලංකාව තුළ වාහන නිපදවන හෝ එකලස් කරන කර්මාන්තයට පනතෙන් ඇති පුහු බධා අවම කරමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site