IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථයක් මතට ගසක් කඩා වැටී එකම පවුලේ 3ක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ට්‍රික්සි කොන්ටන්)

මහවැව කොස්වාඩිය ප්‍රදේශයෙ නවතා තිබු මෝටර් රථයක් මතට අද (24) දහවල් ගසක් කඩා වැටිමේන් වාහනයේ සිටි සිව් දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය හා අපදා සහන නිළධාරීන් පවසයි.

හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වාඩිය ප්‍රදේශයෙ දී නවතා තිබියදී නොසිතු ලෙස එම ස්ථානයෙ තිබු දැවැන්ත ගසක් එකවර මෝටර් රථය මතට කඩා වැඩි මෝටර් රථයට දරුණු හානි සිදුව ඇති බව කියයි.

ගස මෝටර් රථය මතට කඩා වැටිමේන් එහි සිරවි සිටි සැමියා,බිරිද හා හත් හැවිරිදි දියණිය මෙලෙස මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.

ගස කඩා වැටෙන අවස්ථාවෙදී මෝටර් රථයෙ සිටි තිදෙනා එම ස්ථානයෙ සිටි ජනතාව මහත් පරිශ්‍රමයක් දරා එළියට ගැනිම කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් නොවි යාන්තමින් බේරා ගැනිමට හැකිවු බවත් මෙම හත් හැවිරිදි දියණිය හා මෙම යුවල දැඩි කම්පනයට පත්ව ඇති බව ඔවුන් බේරා ගැනිමට ඉදිරිපත්වු පිරිස් පැවසිය.



අදහස් (0)

මෝටර් රථයක් මතට ගසක් කඩා වැටී එකම පවුලේ 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site