
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර නගරයේදී මෝටර් රථයක් හා යතුරු පැදි තුනක් එකිනෙක ගැටිමෙන් තරුණයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියය. තුවාල ලැබූ තරුණයන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
තුවාල කරුවන් රත්නපුර රෝහලේ ප්‍රතිකර ලබන අතර එක් තරුණයකුගේ පාදය කීප පොළකින්ම කැඩී බිඳී ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
අනතුරට පත් යතුරු පැදි යටකරගෙන වේගයෙන් මෙම මෝටර් රථය ගමන් කළ බව ඇසින් දුටුවෝ පැවසූහ. තුවාල ලබා සහ මියගොස් ඇත්තේ යතුරු පැදිවල ගමන් කළ තරුණයන් ය.
මෝටර් රථයේ ගැටුණු යතුරු පැදි පසු උඩින් වීසිවි ගොස් බිමට වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෙක් කීවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd