IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මොටර් රථය මාතර දුම්රියේ ගැටේ

(එම්.සුසිල් පියන්ත)

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව දොඩන්දූව දුම්රිය හරස් මාර්ගයේදී අද(13) දහවල් මෝටර් රථයක්  දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් විහාරාධිපති හිමිනම සහ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලීසිය කියයි.

විහාරධිපති හිමියන් දහවල් දානයකට වඩිමින් සිටියදී මාතර සිට වව්නියාව බලා ධාවනයවූ දුම්රියේ උන්වහන්සේ ගමන් ගත් මෝටර් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.

මේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි ආකාරයෙන් කියා නොකරන බව ප්‍රදේශවාසිහූ කියති.



අදහස් (4)

මොටර් රථය මාතර දුම්රියේ ගැටේ

sukitha Thursday, 13 April 2023 02:36 PM

හේතුව : දුම්රිය දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල පාඩුව : තුවාල වීම සහ ප්‍රතිකාර වියදම, මෝටර් රථයට හානිය, දුම්රිය ගමන ප්‍රමාද වීම නිසා මගීන්ට වන පාඩුව, අදාළ රාජකාරි සඳහා පොලිසියේ වියදම් ඉන්ධන ඇතුලත්ව, තුවාල කරුවන් රෝහලට රැගෙන යාමේ, ඔවුන් බැලීමට පිරිස් රෝහලට පැමිණීමේ ඉන්ධන ඇතුළු වියදම්. රට පුරා දිනපතා සිදුවන්නේ මේවා. මෙම වියදම් අනතුරු, දියේ ගිලීම්, මිනී මැරුම්, කලකෝලාහල හැම දේටම පොදුයි. රටේ විනය හොඳ නම් මොනතරම් ඉතිරියක්ද? පොලිසියේ වියදම්ම මොන තරම් ඉනතුරු වනු ඇතිද?

:       0       0

Sunil Thursday, 13 April 2023 02:39 PM

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෙවැනි අනතුරු බහුලයි. මූලික හේතුව මෙම හරස් මාර්ග වල සංඥා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. මේවා නිසි පරිදි නඩත්තු කිරීමට එතරම් මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් ඇමතියා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවම මර නින්දේ. මෙවන් අනතුරුවලට අනෙක් හේතුව රියදුන්ගේ නොසැලකිල්ල.

:       0       0

සෙනවි Thursday, 13 April 2023 03:11 PM

අපරීක්ෂාකාරී රියැදුරෙක්. සංඥාපුවරැව කැඩිල බෙහෝකල්. සංඥාපුවරැව වැඩකලත් මමත් ඔය කියන රේල්පාර ලග නවත්තල බලනව දුම්රියක් එනවද බලලයි යන්නෙ. හරියට පාරක් හරහා යනව වගෙයි.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 13 April 2023 05:33 PM

විදුලි ආලෝක සංඥා පද්ධතිය නිසි ආකාරයෙන් කියා නොකරනව නම් රියදුරු නිසි ආකාරයෙන් රිය පැදවිය යුතුයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site