
(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (09)රාත්‍රියේ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියකට අරියලෙයි ප්‍රදේශයේ මාම්පල්ම් මංසන්ධියේ පිහිටි දුම්රිය හරස්මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
අදාල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය පැමිණෙන අවස්ථාවේදී ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වුණද එම සංඥා නොසලකා හරිමින් අදාල මෝටර් රථය රියදුරු විසින් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පලකර සිටීය.
දුම්රියේ කාර්රථය ගැටීමෙන් පසුව දුම්රියේ ධාවන කටයුතුද පැයක පමණ කාලයක් නැවතී තිබූ අතර ප්‍රදේශවාසීන් සහ පොලීසිය එම ස්ථානයට පැමිණ මෝටර් රථයේ සිටි මගීන් එලියට ගැනීමට පියවර ගත්තද එහි සිටි දෙදෙනාම මිය ගොස් සිටි බවද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd