IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෝටර් රථ අමතර කොටස් සීඝ්‍රයෙන් ඉහළට

(නිමල කොඩිතුවක්කු)

යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති.

ඇතැම් අමතර කොටස් දීර්ඝ කාලයක් තිස්සේ වෙළඳපලේ නොමැති කමෙන් රථ වාහන නඩත්තු කිරීමට නොහැකි වී ඇතැයි ද ඔවුහු පවසති.

ඇතැම් අමතර කොටස් සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.

රුපියල් 4000 ත්, 5000 ත් අතර පැවති යතුරු පැදි ටයර් රුපියල් 12,000 ඉක්මවා හැකි බවත් ඔවුහු පවසති.

එමෙන්ම රුපියල් 3600ක් ව පැවති යතුරු පැදි බැටරිය රුපියල් 9000 ඉක්මවා ඇති අතර රුපියල් 450 ක් ව පැවති බ්‍රේක් ලයිනර් රුපියල් 1200 ක් දක්වාත්, රුපියල් 4000 ක්ව පැවති චේන් ස්පොකට් රුපියල් 9000 ක මිලකටත් රුපියල් 800ක් ව පැවැති ලිහිසි තෙල් රුපියල් 1600 ක මිලකටත් අලෙවි වන බව ඔවුහු කියති.

රුපියල් 35,000 ක් ව පැවති බස්රථ ටයර් රුපියල් 75000 දක්වාත්, රුපියල් 24000ක් ව පැවැති බැටරිය රුපියල් 70000 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

වෙළඳපොලේ නැවත පුරවන ලද  ටයර් වල විශාල හිඟයක් පවතින බවත් ඔවුහු පවසති.

මීට අමතරව තිරෝද රථ මෝටර් රථ ඇතුළු සියලුම රථවාහන වල අමතර කොටස් තමන්ට දරාගැනීමට නොහැකි ලෙස වැඩි වී ඇතැයි ද ජනතාව කියති.

රථ වාහන අමතර කොටස් අලෙවි නියෝජිතයන්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔව්හු පැවසුවේ රථ වාහන අමතර කොටස් ගෙන්වීමේ දී මතුවන ගැටලු සහ පවතින හිඟය අමතර කොටස් මිල ඉහල යාමට හේතු වී ඇති බවයි.



අදහස් (4)

මෝටර් රථ අමතර කොටස් සීඝ්‍රයෙන් ඉහළට

fairoos Tuesday, 06 September 2022 04:44 PM

කමක් නැහැ රනිල් ඉන්නවනේ රට බේරගන්න...!

:       4       19

BamunuarachchiThursday, 08 September 2022 01:21 PM

ආර්ථිකය කවුරු බේරා ගනීද දන්නේ නැහැ. රාජපක්ෂලා ඉන්නකන් රට බේරාගන්න පුළුවන්. මුස්ලිම් සෙට් එක බයයි රාජපක්ෂලාට...!

:       0       0

chandima Tuesday, 06 September 2022 07:08 PM

මේ අමතර කොටස් දේශීයව නිපදවන්න කාලේ ඇවිත්. ඒ සඳහා දේශීය කර්මාන්ත කරුවන්ට ණය ක්‍රමයක් ඇති කරලා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙන්වන්න තියන විදේශය විනිමය සම්බාධක ඉවත් කළා නම් ඉවරයි. ඔය BOI කාරයන්ට දෙන සහනම මේ කර්මාන්ත කරුවන්ටත් දෙන්න. රටේ බඩු පිටරට යවලා විදේශය විනිමය ගෙනාවත් එකයි රටේ විදේශය විනිමය පිට රටකට යන එක නැවැත්තුවත් එකයි. හැබැයි ව්‍යාපෘති වර්තාව සීතල කාමරේක ඉන්න බෙල්ල හිරවෙන්න ටයි දාගත්ත ලොක්කෙුකට පෙන්නලා අවසර ගන්න වුණොත් නම් වැඩේ වෙන්නේ නැහැ.

:       1       24

PereraWednesday, 07 September 2022 12:16 PM

පාර්ලිමෙන්තුවෙ ඉන්න කීයෙන් කී දෙනාටද ඔව අවබෝද වෙන්නෙ?????

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site