
(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අද (17) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලබුගම ජලාශයේ සිට කොළඹට ජලය රැගෙන යන විශාල නලයක ගැටීමෙන් සිදු වූ අනතුරින් නල මාර්ගය පුපුරා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
ජල නලයට දැඩි ලෙස හානි වීම නිසාවෙන් විශාල ජල කදක් ඉහලට විසි කරමින් ජලය අපතේ යාමක් සිදුව ඇතැයි ද ජලයේ වේගය නිසාවෙන් එම ස්ථානයේ තිබූ විදුලි කණුවක් ද කැඩී මාර්ගයට වැටුණු බවද පොලිසිය පවසයි.
අනතුරට පත් මෝටර් රථයෙහි සිටි රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බවත් ඔවුන් දෙදෙනාට සුළු තුවාල පමණක් සිදුව තිබූ බවත් පොලිසිය පවසයි.
අදාල මෝටර් රථය අධික වේගයකින් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන ජල නලයෙහි ගැටී යළි ගොඩබිමට වැටී උඩුකුරුව පෙරලී ඇත.
මෙම ජල නලයට දැඩි ලෙස හානි සිදුවීම නිසාවෙන් කොළඹට ජලය සැපයීම යම් කාල සීමාවක් ප්‍රමාද විය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ මහරගම කලාප කාර්යාලයේ නිළධාරියෙක් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථ අනතුරින් කොළඹ පැත්තකට වතුර නෑ
Rohana Monday, 17 June 2024 09:09 AM
විනයක් නැති රියදුරන් නිසා සිදුවන රථවාහන අනතුරට අමතරව මහජනතාවට ජලය සපයාගන්නා ක්‍රමයත් අවහිර කලා.
Lalla Monday, 17 June 2024 09:54 AM
බීගෙන ආපු කාලකන්නි මලත් කමක් නෑ.දුක රටේ සම්පත් නාස්තිය සහ කිසිම වරදක් නොකර කොටි පැත්තක ජනතාව පීඩාවට පත්වීම. මෙවැන්නන්ගෙන් මේ අලාභය පෞද්ගලික මුදලින් අයකරන ක්‍රමවේදයකට යා යුතුයි.