(මනෝප‍්‍රිය ගුණසේකර)
මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී තරුණයින් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම විත්තිකරුවන් නවදෙනාම නිදොස් කොට නිදහස් කළේය.
මෙම නඩුවේ සාක්කි වල බරපතල ඌනතා සහ පරස්පරතා ඇති බවත් එම සාක්කි මත විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හැකියාවක් නැති බවත් ප‍්‍රකාශ කළ විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ ප‍්‍රසාද් රුවන් හෙවත් රොෂාන්, චමිල කුමාර හෙවත් චානක, අලි මොහොමඩ් අෆිස්, ටී. රන්දෙව්, නිරෝෂන් සමින්ද කොස්තා, රවින්ද්‍ර නාගරාජා, තුෂාර මධුරංග පෙරේරා, ගෝවින්දන් නෙරන්ජන් සහ දිමිතු චතුරංග පෙරේරා, නමැත්තන්ය.
2016 ඔක්තොබර් මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දී තරුණයින් පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ සාක්කිවල බරපතල ඌනතා සහ පරස්පරතා ඇති බවත් එම පරස්පරතා සහ ඌනතා නඩුවේ හරයටම බලපාන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.
මෙවැනි සාක්කි මත විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හැකියාවක් නැති බවත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවත් තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කර නිදහස් කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, රවින්ද්‍ර සිල්වා සහ ගාමිණි අල්විස් ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාජුදීන්ගේ, ලසන්තගේ නඩු තවම අදිනවා. පොල්ගෙඩියක් කැඩුවත් කල්ප ගණන් නඩු අහන රටේ මේ නඩුව ඉක්මනටම අවසන් කරලා මිනීමරුවොත් නිදහස් කරලා.
මේවා බොරු චෝදනා මත දාපු නඩුවක් නම් නඩුව ගොනුකළ කෙනාව අල්ලලා හිරේ දන්නා ඕනේ. මෙච්චර කාලයක් මේ අයව හිරේ තියාගත්තට. එහෙම නැතුව මේවා නීතියේ තියෙන හිඩෑස් වලින් රිංගල යන අය නම් ඒ ගැන හරි සාක්ෂි හෙවීමට රහස් පොලිසියට බාරදෙන්න ඕනේ. මෙතන මිස්සු පස්දෙනෙක්ට වෙඩි වැදිලනම් නිකම්ම වෙඩි වදින්න බැහැනේ. එක කරපු අයව හොයන්න රහස් පොලිසියට බාර දෙන්න.