IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මට්ටක්කුලිය නින්ජා මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

මට්ටක්කුලිය හා   ඒ අවට ප්‍රදේශ වල මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජවාරම්කාරියක් වු “නින්ජා” නැමැත්තිය  රුපියල් ලක්ෂ 13ට ආසන්න වටිනා හොරොයින් සහ  මුදල් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ  විමර්ශන ඒකකය මගින්  අද (31)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී  රුපියල් ලක්ෂ 8ට ආසන්න හෙරොයින් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත්  බවට සැකකරන  රුපියල් ලක්ෂ 6ට ආසන්න මුදල් තිබු බව පොලිසිය කියයි..

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ   මට්ටක්කුලිය හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස)  ආශ්‍රිතව    මහපරිමාණයෙන් මත්කුඩු  ජාවාරමේ නිරත (42) හැවිරිදි  කන්තාවක් බව   පොලිසිය කියයි.

මැය අත්අඩංගුවට ගැනීමට යමින් සිටියදී වත්තල ප්‍රදේශයට පලාගොස්  ඇති බවත්,   ඇය වත්තල සිට හෙරොයින් රැගෙනවිත් හේනමුල්ල කැඳවුර ප්‍රදේශයේ ජාවාරම්කරුවන්  අතට ලබා දෙන බවත් පොලිසිය  සඳහන් කරයි..

සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන හේනමුල්ල කඳවුරට වෙත පැමිණ සිටින බවට ලද තොරතුරකටඉ අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව හොරොයින් ග්‍රෑම් 30 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

සැකකාරිය කුමන ජාවාරම්කරවකුගේ හෙරොයින් ජාවාරම් කරන්නේ ද යන්න හෙළි කර ගැනීම සදහා   ඇය සම්බන්ධයෙන්  රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.



අදහස් (0)

මට්ටක්කුලිය නින්ජා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site