(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය පොකුණ වත්ත හන්දිය අසලදී දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.
එම ගැටුමේදී පොරවකින් සහ යකඩ පොල්ලකින් සිදුවූ පහර දීමෙන් තුවාල ලද එකම පවුලේ පියෙක් පුතෙකු සහ තවත් කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
අත්අඩංගුවට පත්වූවන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොනී විස්ටා නිපුනගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2023 දෙසැම්බර් 26 වෙනි දින මට්ටක්කුලිය පොකුණු වත්ත හන්දිය අසලදී ධනංජය උමයංගන යන අයට තවත් පාර්ශවයක් විසින් පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව දෙපාර්ශවය අතර සිදුවන ආරවුලක් බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මට්ටක්කුලියේ ගැටුමකට සම්බන්ධ 7ක් අල්ලයි