IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ - සහෝදරයා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයා ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (02) නියෝග කළේය.

නීති විරෝධීව උපයාගත් මුදලින් කෝටි ගණනක් වටිනා දේපළ සන්තකයේ තබා ගැනීමට එරෙහිව මුදල් විසුද්ධි කරන පනත යටතේ   සිදු කරන විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේනීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් අනුර කුමාර මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදල් යොදවා තම නිවස පිංතාරු කිරීමට පැමිණි මට්ටක්කුලියේ පුද්ගලයකුගේ නමට වරකාපොළ හා ජා ඇල ප්‍රදේශවල ඉඩම් මිලදීගෙන ඇති බවත්,කෝටි ගණන් වියදම් කර නිවාස ඉදිකර ඇති බවත් පොලිස් පරීක්ෂකවරයා කරනු දක්වමින් පැවසීය.

මෙතෙක් හඳුනාගත් දේපළ මුදල් විසුද්ධි කරන පනතේ 7(1)  වගන්තිය ප්‍රකාරව තහනමට ලක් කර ඇති බවත්,රාජසන්තක කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවත් පොලිස් නිලධාරිවරයා  පැවසීය.

ප්‍රසාද් රුවන් සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ බූස්ස බන්ධනාගාරයේ සිට ඉදිරිපත් කළ අතර දෙවන සැකකරු රන් දෙව් බන්දනාගාර  අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන්ගේ දේපළ වසර   දෙකක කාලයකට තහනම් මට ලක් කර ඇති බැවින් ප්‍රේෂනය කිරීම හෝ අන්සතු කිරීම කළ නොහැකි බැවින් සැකකරුවන්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඇප නියෝගය නිකුත් කරන බවත් නියෝග කළේය.



අදහස් (0)

‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ - සහෝදරයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site